කන්කසන්තුරේ සුනාමි අනතුරු සන්නිවේදන කුලුන මුහුදට කඩා වැටේ…

දිනසේන රතුගමගේ –

යාපනය කන්කසන්තුරේ වෙරළාසන්නයේ ඉදිකොට තිබූ සුනාමී අනතුරු අඟවන  සන්නිවේදන කුලුන මහ වැසි හා සුළං තත්ත්වය හේතුවෙන් අද ( 19 ) කැඩී මුහුදට  වැටී තිබේ.

පසුගිය දිනවල  බුරවි සුළි කුණාටුව නිසා යාපනය ප්‍රදේශයේ මුහුදෙන් විශාල ප්‍රමාණයක් සමුද්‍ර ඛාදනයටලක් වූ අතර මෙම කුලුන ඉදිකොට තිබූ ප්‍රදේශයද දැඩි ඛාදනයට ලක් වී තිබීම නිසා එය මුහුදට කඩා වැටී තිබේ.

කුලුන මුහුදට කඩා වැටීම නිසා එහි සවිකොට තිබු අධිබලැති   සංවේදී සන්නිවේදන උපකරණ රැසකට හානි සිදුව ඇත.


මුලින්ම කන්කසන්තුරේ ධීවරයින් ඒ පිළිබදව තොරතුරු දැන ගැනීමෙන් පසුව පොලීසිය තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම්වරයාට මේ බව දැනුම් දී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනය දිසාපතිවරයාගේ උපදෙස් මත එම කුලුන යථා තත්ත්වයට පත් කිරීම සඳහා තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම්වරයා හා යාපනය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පියවර ගෙන තිබේ.

Exit mobile version