කතරගම හිටපු පොහොට්ටු ප්‍රාදේශීයසභා සභාපති සහ හිටපු පොහොට්ටු මන්ත්‍රී  නගරය මැද ගුටි කෙළියක…

සූරියවැව නුවන් ජයසේකර –

 කතරගම නගරයේ මැද වීදියේ වෙළඳ සැලක් අසලදි කතරගම ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ  හිටපු ප්‍රාදේශීය සභා සභාපති වරයා හා පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකු අතර ඇති වු බහින් බස්විමක් දුර දිගයාමෙන් ගුටිබැට හුවමාරුවක් සිදුව ඇතැයි කතරගම පොලිසිය පවසයි.

මෙලෙස කතරගම නගරයේ වෙළද සැළක් අසලදි ගුටිබැට හුවමාරුව සිදුව ඇත්තේ ශ්‍රි ලංකා පොදුජන පෙරමු‍ණෙ කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති 40 හැවිරිදි චානක අමිල් රංගන හා එම පක්ෂයේම මන්ත්‍රිවරයෙකු වන 39 හැවිරිදි හේවා රයිගම් කෝරලගේ දසුන් ඉන්දික‍ නැමති දෙදෙනා අතරය.

දෙදෙනා අතර ඊයේ (27) රත්‍රී 7.30ට පමණ කතරගම මැද වීදියේ වෙළද සැලක් අසලදී බහින් බස්විම සිදුව තිබේ.

එහිදී බහින් බස්විම දුරදිග ගොස් එය දෙදෙනා අතර ගුටිබැට හුවමාරුවක් සිදුවී ඇත. පසුව රාත්‍රි 08.30ට හිටපු සභාපති වරයාත්, රාත්‍රි 09.30ට පමණ මන්ත්‍රි වරයාත් වෙන වෙනම ගොස් කතරගම පොලිසියට පැමිණිල් ඉදිරිපත් කර තිබේ.


සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන අතර දෙදෙනා සඳහාම අධිකරණ වෛද්‍ය පෝරම් නිකුත් කිරිමටද පොලිසිය කටයුතු කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධියෙන් කිසිවෙකුටත් බාහිරින් කිසිදු තුවාලයක් සිදුව නොමැති බව මුලික පරික්ෂණ වලදි අනාවරණය වී තිබේ. කතරගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Exit mobile version