කඩුවෙල මහෙස්ත්‍රාත්වරියගේ ආරක්ෂාව  සිද්ධියේ රට පැටලවූ කොස්තාපල්ගේ වැඩ තහනම්!

මහේස්ත්‍රාත්වරිය උසාවි යනකම් ඉඳලා රට වටේ රවුම් ගහලා... රටම හිතුවෙ මහේස්ත්‍රාත්වරියගේ ආරක්ෂාව අයින් කළා කියලා...

Police-Sri-Lanka

පාර්ලිමේන්තුව අසළ උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගත් තරුණ තරුණියන් 13 දෙනාට ඇප ලබා දීමට කටයුතු කළ කඩුවෙල මහෙස්ත්‍රාත් චනිමා විජේබණ්ඩාරගේ නිවසේ ආරක්ෂක රාජකාරි කළ පොලිස් කොත්සාපල්වරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පොලිසිය පියවර ගෙන තිබේ.

ඇයගේ නිවසේ සිටි පොලිස් නිලධාරියා මහෙස්ත්‍රාත්වරිය රාජකාරී සඳහා නිවසින් බැහැර වීමෙන්  පසුව නිවසේ නොසිට ඇති අතර ඇයගේ  ආරක්ෂාව ඉවත් කර ඇති බවට මාධ්‍යයන්හි  පළ විය.

අධිකරණ වෘත්තිකයන් විසින් මේ පිළිබඳව ඊයේ අගමැති මහින්ද රාජපක්ෂ   වෙතද දන්වා යැවීමට කටයුතු කෙරිණි.

මෙහිදී අග්‍රාමාත්‍යවරයාද මේ කාරණය සමබන්ධයෙන් අවධානය යොමු කරන ලෙස පොලිසියට පවසා තිබූ අතර පොලිසිය පවසන්නේ මෙම නිලධාරියා ඇය සේවයට අධිකරණය වෙත ගිය පසු සිය ඉහළ නිලධාරීන්ට නොදන්වා රාජකාරී කරන බව අඟවමින් වෙනත් ගමනක් ගොස් ඇති බවය.


කෙසේ වුවද කඩුවෙල මහෙස්ත්‍රාත්වරිය මැයි මස 04 වැනිදා මැයි 05 සහ 06 පාර්ලිමේන්තුව අසළ උද්ඝෝෂණය වළක්වන ලෙස පොලිසිය විසින් කරන ලද අධිකරණ නියෝග ඉල්ලිම ප්‍රතික්ෂේප කළ අතර එදිනම සවස් යාමයේ පාර්ලිමේන්තු පිවිසුම අසළ උද්ඝෝෂණය කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වරප්‍රසාද කඩවන බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගත් තරුණ තරුණයන් 13 දෙනකු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොලිසිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඇප ලබා දුන්නාය.

ඊට පසුදින එනම් මැයි 05 වැනිදා නිවසේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ඇය උසාවියට යන අවස්ථාවේ  නිවසේ සිටියද ඇය ආපසු නිවසට එන විට ඔහු නිවසේ නොසිටි අතර මේ තත්ත්වය මත ඇය ගේ ආරක්ෂාව ඉවත් කර ඇතිද යන සැකයක් මතු විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එය ඉහළම පෙළේ අවධානයකට ලක්විය.  මේ පිළිබඳ ව පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය විසින් කරන ලද විමර්ශනයකදී හෙළිව ඇත්තේ මෙම නිලධාරියා සිය පෞද්ගලික කටයුත්තකට ඉහළ නිලධාරීන්ට නොදන්වා ගොස් ඇති බවය.

Exit mobile version