අමායා උඩුවැරැල්ල –
පෞද්ගලික චීන සමාගමකට අයත් අභ්‍යවකාශ රොකට්ටුවක්, අත්හදා බැලීමක් අතරතුර අහම්බයකින් ඊයේ ගුවන්ගත වී ඇති අතර පසුව එය කඳු බෑවුමකට කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
චීන ඩිජිටල් මාධ්‍ය ආයතනයක් වන “ද පේපර්” විසින් නිකුත් කළ වීඩියෝ දර්ශන වල පෙන්නුම් කරන්නේ රොකට්ටුව කෙළින්ම අහසට ගොස් තිරස් අතට හැරී, නැවත පොළොවට වැටී වනාන්තර කඳු බෑවුමක් මත ගිනිදැල් බවට පත්වන ආකාරයයි.
![](http://lankasara.com/wp-content/uploads/2024/07/CompressJPEG.Online_1_100kb_1668.jpg)
Tianlong-3 ලෙස හඳුන්වන එම රොකට්ටුව සඳහා වගකිව යුතු සමාගම වන Tianbing Technology නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ රොකට් බඳ සහ පරීක්ෂණ සම්බන්ධතාවය අතර වූ දෝෂයක් මෙලෙස රොකට්ටුව ගුවන් ගත වීමට හේතු වූ බවයි.
කෙසේ නමුත් අදාළ ප්‍රදේශයේ ජනතාව ඉවත් කර තිබූ බැවින් සිද්ධියෙන් ජීවිත හානි කිසිවක් සිදුවී නොමැති බව ද එහි වැඩිදුරටත් සඳහන්.