කඩදාසි මුවාවෙන්  ගෙන්වූ ටොන් තුනක සුවඳ විලවුන් රේගු අත් අඩංගුවේ…

කීර්ති ප්‍රනාන්දු –

නිශ්පාදන කටයුතුවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරන කඩදාසි ගෙන්වන මුවාවෙන් චීනයේ සිට නීති විරෝධීව රැගෙන එන ලද සුවඳ විලවුන් ගොගයක් අත්අඩංගුවට ගැනීමට රේගු බලධාරීන්ට අද හැකි විය.

එම සුවඳ විලවුන් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 50ක් බව කියැවිනි.

මෙම කර්මාන්ත ශාලාව පානදුර ප්‍රදේශයේ ලියාපදිංචි කර ඇත. කර්මාන්තය පවතින්නේ බොරලැස්ගමුවේය.  මෙම ආයතනයේ නිශ්පාදනවලට අවශ්‍ය කඩදාසි බව කියමින් අඩි 40ක් දිග බහාලුමක කඩදාසි රෝල් අතර මෙම සුවඳ විලවුන් තොගය අසුරා ඉකුත් 12 වැනිදා කොළඹ වරායට ගෙනැවිත් ඇතැයි රේගුව පවසයි.


රේගු නිලධාරීන්ට අදාල බහාලුම පිළිබදව සැක ඇතිවීම නිසා බහාලුම  සම්පූර්ණ පරීක්ෂාවට ලක්කිරීමේ දී බහාලුමේ කෙළවර මෙම සුවඳ විලවුන් ගොතය සූක්ෂම ලෙස ගබඩා කර සඟවා තිබී ඇත.

එම ද්‍රව්‍ය අතර සුවඳ විලවුන් , ෂැම්පු වර්ග, කේශාලේප, සහ කේෂ වර්ණක තිබී ඇති අතර එවා ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් තුනක් පමණ වූ බව රේගු ආරංචි මාර්ග පැවසුවේය..

මෙම කර්මාන්ත ශාලාවට රජයෙන් ලබා දුන් බදු සහන අවභාවිතා කරමින් මෙසේ මෙම ආයනයන සිදුකර ඇති බව රේගුව පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙ නීති විරෝධී ආනයන සිදුකළ කර්මාන්තශාලාවේ නිලධාරීන්ට එරෙහිව කොළඹ මධ්‍යම නිශ්කාශන කිරිමේ කටයුතු කළ වාප්පු ලිපිකරුවන් කිහිපදෙනෙකුට   රේගුව විසින් අත් අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Exit mobile version