කටුනායක ගුවන්තොටුපලේ කොවිඩ් පොකුරු?…

AIRPORT

කීර්ති ප්‍රනාන්දු –

කටුනායක ගුවන්තොටුපලේ සේවක පිරිස් අතර කොවිඩ් පොකුරු නිර්මාණය වෙමින් ඇති ආකාරය සෞඛ්‍ය අංශ හෙළි කරයි.

මේ පිළිබඳව අප කළ විමසීමකදී කටුනායක ගුවන්තොටුපල සෞඛ්‍ය අංශ උසස් නිලධාරීන් කිහිප දෙනෙකු පැවසුවේ කටුනායක ගුවන්තොටුපල තුළ සේවය කරන සේවක සේවිකාවන් අතර වෛරසය සීඝ්‍රයෙන් පැතිර යන බවය. කොරෝනා රෝග ලක්ෂණ හේතුවෙන්  ක්ෂණික ප්‍රතිදේහ සහ පී.සී. ආර්. පරීක්ෂණ  කරගන්නා  සැලකිය යුතු පිරිසක්   කොරෝනා වෛරසය ආසාදිත වූවන් බවට තහවුරු වී ඇති බව ද ඔවුහු කීහ.

අප කළ විමසුමක දී කටුනායක ගුවන්තොටුපල සේවය කරන කටාන ප්‍රදේශයේ පමණක් පදිංචි සේවක සේවිකාවන්ගේ පවුල් 15ක සියලුම සාමාජිකයන් ආසාදිත බවට තහවුරු වී ඇතැයි කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒත් එස්.ඒ.යු .ටි . කුලතිලක හෙළි කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙසේ ආසාදිත පවුල් තුළ කුඩා දරුවාගේ සිට වැඩිමහලු පුද්ගලයා දක්වා සාමාජිකයන් සියලුම දෙනාම   කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඔවුන් හට සිදු කරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ මගින් තහවුරු වී ඇති බවද ඔහු වැඩිදුරටත් පවසයි.

 

 

Exit mobile version