කටුනායක කලාපේ එකම කම්හලක සමූහයකට කොවිඩ්

කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය තුළ පිහිටි නෙක්ස්ට් ඇඟලුම් කර්මාන්ත ශාලාවේද මේ වනවිට කොවිඩ් පොකුරක් නිර්මාණය වීමේ ලකුණු මතුව ඇති බවට සෞඛ්‍ය අංශ සැක පහළ කරයි.

මෙම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 11 දෙනකු මේ වනවිට කොවිඩ් 19 ආසාදිතයන් බවට තහවුරු වී ඇති අතර ඔවුන් ගේ ආශ්‍රිතයන් හඳුනා ගැනීම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් පී.සී.ආර් පරීක්ෂණවලට ලක් කරමින් පවතින බව ආයෝජන මණ්ඩල ආරංචි මාර්ග ලංකාසර ට අනාවරණය කළේය.

මෙම කර්මාන්ත ශාලාවේ වෙනම අංශ තුනක සේවිකාවන් තිදෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන ඇති අතර මෙම අංශ තුන එකිනෙක අතර සබඳතාවක් නැති අංශ බව එම ආරංචි මාර්ග කියයි.


ඒ අනුව ඔවුන්ගේ මූලාශ්‍ර සොයා මේ වනවිට සෞඛ්‍ය අංශ විමර්ශණ දියත් කර ඇති බවද එම ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.
ඊට අමතරව තවත් කර්මාන්ත ශාලා කිහිපයකම කොවිඩ් ආසාදිතයන් කිහිප දෙනකු වාර්තා වී ඇති අතර මෙම කර්මාන්ත ශාලාවල මේ වනවිට ඇතැම් අංශ වසා දැමීමට කටයුතු කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට පවතින තත්ත්වය හමුවේ ආයෝජන ප්‍රවර්ධන කලාපවල සේවක සේවිකාවන්ගේ පැමිණීම ඉතා අඩු මට්ටමක පවතින අතර තිස් දහසක් පමණ වන සේවක සේවිකාවන් අතුරින් පසුගිය සිකුරාදා වනවිට සේවයට වාර්තා කොට තිබුණේ හත් දහසක් පමණක් බවද වාර්තා වේ.

Exit mobile version