කටුනායකට ගුවන් යානා ගොඩබෑමේ ගාස්තු සියයට 50කින් අඩුවේ… මත්තලට ගුවන් යානා ගොඩබෑම නොමිලේ!

කටුනායක ගුවන් තොටුපොළට ගුවන් යානා ගොඩබෑමේ ගාස්තු වසරක් දක්වා සියයට   50 කින් අඩු කිරීමට රජය තීරණය කර ඇතැයි   වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අද (06) පාර්ලිමේන්තුවේදී   පැවසීය.

මේ තීරණය ගුවන් සමාගම්වලට දැනුම් දුන් බවද ඇමතිවරයා සඳහන් කළේය.

මත්තල ගුවන් තොටුපොළට වැඩි ගුවන් යානා ප්‍රමාණයක් ආකර්ෂණය කරගැනීමට වැඩපිළිවෙළකට අනුව  පළමු අවුරුද්දේදී ගාස්තුවලින්   සියට සීයක් අතහරින්නත් දෙවෙනි අවුරුද්දේදී සියයට 50 ක් අතහරින්නත්  සැලසුම් කර ඇති බව හෙතෙම සඳහන් කළේය.

මීට අදාළ නියෝග මැතිසබයට ඉදිරිපත් කරන බවද  අමාත්‍යවරයා කීවේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නිමල් සිරිපාල ද සිල්වා මෙසේ පැවසුවේ සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.

Exit mobile version