කටාන කෝටිපතියා කොල්ලකෑමට සම්බන්ධ 05ක් අත්අඩංගුවට

කටාන අක්කර 50 ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් කෝටි 03ක් කොල්ල කන ලද අපරාධයට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙක් අත් අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ.

ජා ඇල, කඳාන අවට මේ සැක කරුවන් අතර හමුදාවේ සේවය කර විශ්‍රාම ගිය අයෙක් ද වනබව වාර්තා වේ. තවත් සැක කරුවන් තිදෙනෙක් සොයා පොලිසිය මෙහෙයුම් දියත් කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අත් අඩංගුවට ගත් සැක කරුවන් 05 දෙනා සමග කොල්ල කන ලද මුදලින් රුපියල් ලක්ෂ 72ක් හා රන් බඩු ප්‍රමාණයක් සොයාගෙන ඇත. කොල්ල කරුවන් පැමිණි මෝටර් රථයක් හා යතුරු පැදියක් මේ වනවිට පොලිස් භාරයට ගෙන තිබේ.


Exit mobile version