මහනුවර – කොළඹ ප්රධාන මාර්ගයේ කජුගම ප්රදේශයේදී ඊයේ රාත්රියේ බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් නව දෙනෙකු තුවාල ලබා ඇත.
කාත්තන්කුඩි සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක් වෙනත් වාහනයකට ඉස්සර කිරීමට උත්සාහ කිරීමේදී කාර්ය මණ්ඩල සේවා බස් රථයක් මුහුණට මුහුණලා ගැටී ඇති බවයි. මිය ගොස් ඇත්තේ මුහුණට මුහුණලා ගැටුණු පෞද්ගලික බස් රථයේ රියදුරායි. මියගොස් ඇත්තේ දනෝවිට කබුරාදෙණිය ප්රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.
තුවාල ලැබූ කාන්තාවන් සිව් දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 05 දෙනෙකු වතුපිටිවල සහ වරකාපොල රෝහල්වලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පෞද්ගලික බස් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත් වී තිබේ.
අනතුර සම්බන්ධයෙන් ලංගම බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.