ඖෂධ හිගයක් ඇති මේ වෙලාවේ යළිත් කොවිඩ් ආවොත්? එළිමහනටවත් මුව ආවරණ නීතිය යළි ගේන්න

ශ්‍රි ලංකාව දැඩි ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිගයකට මුහුණ දී තිබෙන පසුබිමක, කොවිඩ් වෛරස ඔමික්‍රෝන් ප්‍රභේදයේ නව ආකාර ලෝකය පුරා යළිත් වසංගතයක් ඇති කරන අවදානමක් පවතින මොහාතක මුව ආවරණ අනිවාර්ය කිරීමේ රෙගුලාසි අහෝසි කිරීමට නව සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ඇතුළු සෞඛ්‍ය බලධාරීන් විසින් ගන්නා ලද තීරණ පිළිබඳව යළි සලකා බලන ලෙසත් එලිමහන් පොදු ස්ථානවල ඒකරාශි වීමේදී වත් මෙම මුව ආවරණ අනිවාර්ය කිරීමේ රෙගුලාසි යළි ක්‍රියාත්මක කරන ලෙසත් ශ්‍රි ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඉල්ලා සිටී.

මෙම සංගමය මාධ්‍ය්‍යයට නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙම මුව ආවරණ අනිවාර්ය නොවීම තනි පුද්ගලයකු ලෙස එලිමහනේ ඇවිද යාමේදී සුදුසු වුවද පොදු ජනතාව ඒකරාශී වන ස්ථානවලදී එය නොපැළඳ සිටීමේ අවදානමක් තවමත් පවතින බවත් කොවිඩ් ආසාදියන්ගේ වාර්තා වීමේ සැලකිය යුතු අඩු වීමක් පෙන්නුම් කළද මේ වනවිටත් ඔමික්‍රෝන් ප්‍රභේදයේ නව ආකාර ලෝකයේ ඇතැම් ප්‍රදේශවල ව්‍යාප්ත වෙමින් පවතින බැවින් එය යළි වසංගත රැල්ලක් ලෙසින් පැමිණිය හැකි බව පෙන්වා දෙන ශ්‍රි ලංකා විශේෂඥ වෛද්‍යවරුන් ගේ සංගමය වර්තමානයේ පවතින ශ්‍රි ලංකාවේ තත්ත්වය පිළිබඳව සැලකීමේදි රොගයෙන් ආරක්ෂා වීමේ පළමු ආරක්ෂක උපකරණය ඉවත් කිරීම සුදුසු නොවන බව පෙන්වා දෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“මේ වනවිට රට පුරා මහජනතාව ඒකරාශී වන තත්ත්වයක් අපට දැකිය හැකිය. ඒ අතර ඖෂධ සහ වෛද්‍ය පරීක්ෂණවලට අවශ්‍ය දුව්‍යවල හිගයකටද අපට මුහුණ දීමට සිදුව ඇත. ප්‍රමාණවත් වෛද්‍ය පහසුකම් ලබා දීමේ නොහැකියාවකින් පෙළෙන පසුබිමක් තුළ කොවිඩ් වසංගතයත් උත්සන්න වුවහොත් රටේ සියලු කටයුතු අවුලෙන් අවුලට පත්ව ආර්ථිකයද තවදුරටත් අහිතකර තත්ත්වයක් කරා ගමන් කරනු ඇත. එබැවින් ශ්‍රි ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයට අවධාරණය කරන්නේ එළිමහන් පොදු ස්ථානවල ඒකරාශිවීම්වලදී මුව ආවරණයක් පැළඳීම අනිවාර්ය කිරීම සඳහා රජයට යළි කටයුතු කළ යුතු බවය.


Exit mobile version