ඖෂධ මිලදී ගැනීමේදි හදිසි මිලදී ගැනීම් නැහැ; කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පවසයි….

ඖෂධ මිලදී ගැනීමේදි හදිසි මිලදී ගැනීම් නැහැ; කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පවසයි....

ශ්‍රියාණි විජේසිංහ

ඖෂධ මිලදී ගැනීමේදී හදිසි මිලදී ගැනීම් අවශ්‍ය නොවන බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කීය.

සාමාන්‍ය ක්‍රමවේදය යටතේ අවශ්‍ය ඖෂධ මිලදි ගැනීමට කටයුතු කරන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කිරීම හේතුවෙන් හදිසි මිලදී ගැනීම් නරත කිරීමට සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රමුඛ සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් පියවර ගත් බව ද කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේය.


ඔහු තවදුරටත් කියා සිටියේ ව්‍යාජ ලිපියක් ඉදිරිපත් කරමින් ප්‍රතිජීවක ඖෂධයක් මිලදී ගැනීමේ සිදුවීමද හදිසි මිලදී ගැනීමට නතර කිරිමට තවත් එක් හේතුවක් වූ බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙරටට බාල බෙහෙත් ගෙන්වූ සමාගම් මොනවාද යන්න පිලිබදව මේ වන විටත් හදුනාගෙන ඇති නමුත් ඊට විරුද්ධව මේ දක්වා නිසි ක්‍රියාමාර්ගයන් ගෙන නොමැති බවද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසුවේය.

Exit mobile version