ශ්‍රියානි විජේසිංහ –
ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධයෙන් මේ වන විට විවිධ චෝදනා නගන පාර්ශ්වයන් ට විවෘත සංවාදයකයට එන්නැයි සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ආරාධනා කර සිටියි.
ප්‍රසිද්ධ මාධ්‍යයක මෙම සංවාදය පැවැත් වීමට තමා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරින් ඕනෑම මොහොතක සූදානමින් සිටින බවද ඇමතිවරයා සඳහන් කරයි.
කැලෑ පත්තර ගසමින් පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් ජනතාවට සත්‍ය වසංකිරීමට කටයුතු නොකරන්නැයිද ඇමතිවරයා අදාල පාර්ශ්වයන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
සෞඛ්‍ය ක්ෂේත්රයට අයත් ඇතැම් පුද්ගලයින් පසුගිය කාලය තුළ කරන ලද ප්‍රකාශ මුළුමනින්ම අසත්‍ය හා අභූත ද්වේශසහත චෝදනාවන් බව බැලූ බැලුමට පෙනෙන්නේ යැයිද ඒවැනි චෝදනාවන් මගින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉදිරි වැඩපිළිවෙළ නතර නොකරන බවද පෙන්වාදෙන ඇමතිවරයා මෙම චෝදනාවන් පසුපස දේශපාලන හස්තයන්ද ක්‍රියාත්මක වන බව පෙන්නෙන්ට ඇතැයි සඳහන් කළේය.