ඖෂධ අධිකාරියේ ප්‍රධාන විධායක වෛද්‍ය විජිත් ගුණසේකර තනතුරින් පහ කරයි!

ඖෂධ ගෙන්වීමේදී ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමේ සිද්ධිය ඇතුළු චෝදනා කිහිපයකට ලක්ව සිටින ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර එම තනතුරින් ඉවත් කිරීමට ඊයේ  (07) සවස පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති අතර ඔහු එම තනතුරින් ඉවත් කොට අමාත්‍යංශය වෙත අන්තර්ග්‍රහණය කිරීමට කටයුතු කර ඇති බව සඳහන් වේ.

ව්‍යාජ ලේඛන ඉදිරිපතකර  ශ්‍රි ලංකාවට ඉමියුනෝග්ලෝබියුලින් ඖෂධ ගෙන්වීමේ සිදුධිය සම්බන්ධයෙන් මේ වනවිටත් විදෙස් ගමන් තහනමකට ද ලක්ව සිටින වෛද්‍ය ගුණසේකර ආයතනයේ වැදගත් ලේඛණ තොගයක් විනාශ කිරීම සම්බන්ධයෙන්ද චෝදනාවට ලක්ව ඇත.

ඔහු සම්බන්ධයෙන්   තවදුරටත් විමර්ශන පැවැත්වෙන බව සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම වෛද්‍යවරයාට ප්‍රධාන විධායක නිලධාරි ධුරයෙන් ඉවත් වන ලෙස ඉල්ලීමක් කර තිබුණද ඔහු සිය ධුරයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කරමින් රැඳි සිටියේය.

Exit mobile version