ඖෂධසල්වල විකිණෙන අවසර නැති ඖෂධ සොයා මෙහෙයුමක්…

කීර්ති ප්‍රනාන්දු –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අතිරේක ආහාර ලෙස නම් කරමින් ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියක් නොමැතිව ඖෂධසල් තුළ අලෙවි කරනා ඖෂධ වර්ග වහාම ඉවත් කිරීමට එම අධිකාරිය පියවර ගනිමින් සිටින බව ගම්ප දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පාරීක්ෂක කාර්යාලය පවසයි.

ඒ අනුව ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ අතිරේක ආහාර ගණයට අයත් කිසිම ඖෂධ වර්ගයක් තබා නොගන්නා ලෙස ඖෂධ නියාමන අධිකාරිය ඖෂධ අලෙවිසල්වලට දැනුම් දී ඇත.

ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නලීන් ආරියරත්නගේ අධීක්ෂණය යටතේ ගම්පහ දිස්ත්‍රික් ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධාය වෛද්‍ය කමල් ජයසිංහගේ උපදෙස් මත ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් විසින් සියලු ඖෂධසල් හිමියන් දැනුවත් කරමින් එම ඖෂධ වර්ග ඉවත් කරමින් ඇත.

Exit mobile version