ඕස්ට්‍රේලියාවේ ධනවත්ම කාන්තාව ශ්‍රී ලංකාවට අත්වූ ඉරණම ගැන කිව්ව දේ

ශ්‍රී ලංකාව මේවන විට අත්කරගෙන ඇති ආර්ථික පරිහානී තත්ත්වයට ඕස්ට්‍රේලියාවද ක්‍රමක් ක්‍රමයෙන් ගමන්කරමින් සිටින බවට එරට ධනවත්ම කාන්තාව වන ජීනා රයින්ට්හාට් අනතුරු අඟවා ඇති බව ඩේලි මේල් පුවත්වත වාර්තාර කරයි.

ඒ අනුව ශ්‍රී ලංකාව අතීතයේ ඉතා සෞභාග්‍යමත් ආර්ථික තත්ත්වයකයට උරුමකම් කී බවත් අධික සූභසාදනමය ආර්ථික ක්‍රමයක් අත්කරගැනීම හේතුවෙන් දරිද්‍රතාවයට පවත්ව ඇති බවද ඇය පෙන්වා දී ඇත.

ඩොලර් බිලියන 31ක වතකමකට හිමිකම් කියන රයින්හාට් පෙන්වාදී ඇත්තේ සියලු ඕස්ටේ්‍රලියානුවන් විසින් රජය ගෙනයන ඇතැම් සමාජවාදී ප්‍රතිපත්ති වලින් රට ආරක්ෂා කරගතයුතු බවයි.


ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලන සමයෙන් මිදෙනවාත් සමඟම ඉතා සමෘද්ධිමත් රටක්ව පැවති බවත් ආහාර අතින් ස්ව්‍යං පෝෂිත මට්ටමක පැවති බවත් පෙන්වාදෙන රයින්ටහාට් නිදහසින් පසුව පැවති පාලනයත් සමඟ ආහාර හිඟයකට පවා මුහුණ දෙන තත්ත්වයකට පත්ව ඇති සඳහන් කරයි.

එමෙන්ම ශ්‍රී ලංකා ජනතාව අදවන විට කුසගින්න, භාෂණයේ නිදහස අහිමිවීමේ අවදානම වැනි අභියෝග රැසකට මුහුණ දී සිටින බවද ඇය පෙන්වා දෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම තත්ත්වය සඳහා බදුගෙවන්නන්ගේ මුදල් නොමිලේ බොහෝදේ ලබාදීමට යොදා ගැනීම හේතුවී ඇති බවත් එම තත්ත්වයෙන් ඕස්ට්‍රේලියාව මුදා ගැනීමට කඩිනමින් කටයුතු කළයුතු බවද ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

Exit mobile version