ඕෂධීට නාමයෝජනා දුන්නු බූරුවෙක් ගැන බැසිල් කියයි

“අපේ අපේක්ෂිකාවක් මට එවනව කෑල්ලක් එයා කරන කතාවකින් පොදුජන පෙරමුණෙන් දාල ඉන්නේ බූරුවොයි අශ්වයොයි කියල. ඒක මට එවල එයා අහනව ‘හොඳද සර්’ කියල. කමෙන්ට් එකක් ගන්න. මම එයාට ලියල ඇරියා අපේක්ෂකයෝ අතර අශ්වයේ බූරුවෝ නැතිවුණාට නාමයෝජනා මණ්ඩලේ නම් බූරුවෙක් ඉඳල තමයි ඔයාට නාමයොජනා දීල තියෙන්නේ කියල. නැත්නම් ඔයා වගේ කෙනකුට නාමයෝජනා දෙනවද කියල.“ පසුගියදා ගාල්ලේ පැවැති රැලියකදී මේ බව පැවසුවේ පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාය.

ඔහු මේ පිළිතුර ලබා දුන්නේ පසුගියදා බදුල්ලේ පැවැති රැලියකදී අදහස් දැක්වූ බදුල්ල දිස්ත්‍රික් පෙදු ජන පෙරමුණු අපේක්ෂිකා, ජනප්‍රිය රංගනි ශිල්පිනි ඕෂධී හේවාමද්දුම ටය.

මෙවර මහමැතිවරණයට පොදු ජන පෙරමුණෙන් අශ්වයන් වගේම බූරුවන්ද ඉදිරිපත් කර ඇති මෙයින් ජනතාව බූරුවන් ගෙදර යවා අශ්වයින් පාර්ලිමේන්තුවට යැවීමට කටයුතු කළ යුතු බව ඇය එහිදී පවසා තිබුණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇයගේ මෙම කතාව සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවි හරහාද පුළුල් ප්‍රචාරයක් ලද එකක්වූ අතර බැසිල් රජපක්ෂ මහතාගේ කතාවෙන් පෙනී යන්නේ ඕෂධී මෙම වීඩියෝ කොටස බැසිල් රාජපක්ෂ මහතා වෙත යවා ඔහුගෙන් යම් ප්‍රතිචාරයක් ලබා ගැනීමේ අටියෙන් බවය. රාජපක්ෂ මහතා ප්‍රසිද්ධියේ ඔහු ඇයට දක්වූ ප්‍රතිචාරය එබඳු වී ඇත.

Exit mobile version