ඕමන්ත යුද හමුදා සුබ සාධන අවන්හලේ නාම පුවරුව කඩලා…

දිනසේන රතුගමගේ –

වවුනියාව ඕමන්ත ප්‍රදේශයේ යුද හමුදාව විසින් පවත්වාගෙන යන සුබ සාධක අවන්හල පිළිබඳව තොරතුරු දැක්වෙන නාම  පුවරුවට 16 දා රාත්‍රී කිසියම් පිරිසක් විසින් පහර දී විනාශ කොට තිබේ.

යාපනය  මහනුවර ඒ-9 මාර්ගයේ ඕමන්ත ප්‍රදේශයේ පවත්වා ගෙන යන අවන්හල ඉතා ජන්ප්‍රිය වී ඇත්තේ එහි ආහාරවල මිල ගණන් අඩු වීමත් ප්‍රණීත හා පිරිසිදු ලෙස ආහාර සකස් කිරීමත් නිසාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කිසියම් කඩාකප්පල්කාරීන් පිරිසක් විසින් එම අවන්හලේ නාම පුවරුවට පහර දී විනාශ  කිරීම පිළිබඳව යුද හමුදාව හා ඕමන්ත පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.


Exit mobile version