පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ සිසුවෙක් සිය දිවි නසා ගනී…

suicide

පෙරාදෙණිය විශ්විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ සිසුවෙක් අද සවස සිය දිවි හානිකරගෙන ඇත.

මෙම අභාග්‍ය සම්පන්න සිදුවීමට ලක් වී ඇත්තේ  මැල්සිරි පුර පදිංචි 26හැවිරිදි සිසුවෙකි.  වාර්තාවන පරිදි මෙම සිසුවා මේ දිනවල පැවැත්වෙමින් ඇති අවසන් විභාගය සඳහා පෙනී සිට නැත.

අද සවස ඔහුගේ සිරුරු ශිෂ්‍ය නේවාසිකාගාරයේ තිබී හමු වී ඇත.  සිසුවා ලියුමක් ලියා තබා ඇති බවත් එහි සඳහන්ව ඇත්තේ මේ මරණයට කිසිවෙක් වගකිවයුතු නොවන බවත්ය. පීඩනය දරා ගැනීමට නොහැකි නිසා මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කර ඇතැයි සරසවි පරිපාලන ආරංචි මාර්ග කියයි.


මේ සම්බන්ධව අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ මනෝ විද්‍යා උපදේශකවරයෙක් ලංකාසරට පැවසුවේ කොවිඩ් වසංගත වකාවානුවේත්, පශ්චාත් කොවිඩ් වකවානුව තුළත්   අධ්‍යාපනයේ ඇති වූ වෙනස් කම්, දුරස්ථ අධ්‍යාපන කටයුතු සමග පෙර මෙන් ශිෂ්‍ය සමාජ ජීවිතයෙන් බැහැර වීම්, වසංගතයකට පසුව එන  ආර්ථික සමාජ ගැටලු ඇතුළු අතිමහත් සංකීර්ණයක් තරණ ජීවිති පෙළමින් සිටින බවය.  ක්ෂණික සිතිවිල්ලකින් සිදුවුණ සිය දිවි නසාගැනීමක් බව නොපෙනෙන මෙම සිද්ධිය සම්බන්ධව යම් පුංචි හෝ ඉඟියක් මෙම සිසුවා විසින් ලබා දී තිබුණා නම් ඊට සවන්දිය හැකි කෙනෙක් හරහා මෙවැනි සිදුවීම් වළක්වා ගත හැකි අවස්ථා තිබෙන බවද ඔහු පෙන්වා දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජයග්‍රහණය යනු ජීවත්වීම මිස මරණය නොවන බවද ඔහු පැවසුවේය.

Exit mobile version