ඔව්.. පහුගිය අවුරුද්දෙ රුපියල් ට්‍රිලියන 1.4ක් අච්චු ගැහුවා – මහබැංකු අධිපති

මෙපමණ මුදලක් ඉතිහාසයේ මින් පෙර මුද්‍රණය කර නෑ තමයි... ඒක ලෝකයේ හැම තැනම සිද්ධ වුණු දෙයක්..

2021 වසරේ ශ්‍රී ලංකාව රුපියල් බිලියන 1400 කට ආසන්න මුදලක් එනම් ට්‍රිලියන 1.4ක් මුද්‍රණය කළ බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

මින් පෙර මෙපමණ මුදලක් මුද්‍රණය කර නැති බව පවසන මහබැංකු අධිපතිවරයා මේ තත්වය ලෝකයේ හැම තැනම සිද්ධවන්නක් බවත්, එය සිදුනොකළහොත් රට මීට වඩා ආර්ථික අගාධයකට යන බවත්  කීවේය.

ඊයේ දෙරණ රූපවාහිනියේ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනට එක් වෙමින්  ආර්ථික ප්‍ර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආර්.ඒ අනිල් පෙරේරා මෙසේ කීවේය.


“පහුගිය අවුරුද්දෙ අපි රජයට අපේ භාන්ඩාගාර බිල් පත් අරගෙන ප්‍රාථමික වෙළෙඳපලින්   රුපියල් බිලියන 1400ක මුදලක් මහ බැංකුව නිකුත් කර තිබෙනවා. එය දල වශයෙන් රුපියල් ට්‍රිලියන 1.4ක්.

මේ සම්බන්ධව තවදුරටත් අදහස් දක්වමින් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් පැවසුවේ මෙවැන්නකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“මේ වගේ මුදලක් මින් අච්චු ගහලා නෑ. මේ තත්වය ලෝකයේ හැම තැනම සිද්ධ වෙනවා. එය කළේ නැතිනම් අපි මීට වඩා ලොකු පීඩනයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.“

Exit mobile version