ඔලිම්පික් යන පළමු සංක්‍රාන්ති ලිංගිකයා

ඔලිම්පික් තරඟාලියක් නියෝජනය කිරීමට අවස්ථාව ලද පළමු සංක්‍රාන්ති ලිංගිකයා බවට ලෝරල් හබ්බර්ඩ් පත්ව තිබේ.

ඒ අනුව ඇය එළැඹෙන ටෝකියෝ ඔලිම්පික් තරඟාවලියේ ක්‍රිලෝග්‍රෑම් 87 බරපන්ති යටතේ බර ඉසිලීමේ ඉසව් සඳහා නවසීලන්තය නියෝජනය කිරීමට නියමිතය.

හබ්බර්ඩ් හට ඔලිම්පික් තරඟාවලියට එක්වීමට අවස්ථාව හිමිවීම සම්බන්ධයෙන් නවසීලන්ත ඔලිම්පික් කමිටිටුව සිය සතුට පළකර තිබේ.


මෙම තීරණය සම්බන්ධයෙන් හබ්බර්ඩ් පවසා ඇත්තේ තමන් ඉතාම සතුටට පත්වන බවත් නවසීලන්ත වැසියන් තමන්ට ලබාදුන් සහය සම්බන්ධයෙන් අතිශය සතුටට පත්වෙන බවයි.
මීට පෙර හබ්බර්ඩ් 2013 වර්ෂයේදී පිරිමි බර ඉසිරිලීමේ තරඟ නියෝජනය කර තිබේ.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටිටුව ලිංගික සංක්‍රාන්ති පුද්ගලයින්ට කාන්තා තරඟ ඉසව් නියෝජනය කිරීමට අවස්ථාව ලබදෙන අතර එහිදී ශරිරයේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම ඔවුන්ගේ සම්මත මට්ටමට වඩා පහලින් තිබිය යුතුය.

කෙසේ වෙතත් ඇතැම් විද්‍යාඥයින් මෙම නීති මගින් උපතින් පිරිමි තැනැත්තෙකු වන අයෙකුට හිමිවෙම ශරීරික වාසි මඟහැරීමක් නොවන බවට තර්ක කරයි.

නමුත් සංක්‍රාන්ති ලංගිකයින්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන පෙන්වා දෙන්නෙ ලංගිකව සංක්‍රාන්ති වීමේදී පිරිමි පුද්ගලයෙකුට උපතින් හිමිවෙන ශාරීරික වාසි වියැකී යන බවයි.

නවසීලන්ත ඔලිම්පික් කමිටුවේ ප්‍රධාන විධාය නිලධාරී කෙරීන් ස්මිත් පවසන්නේ හබ්බරඩ් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිර්නයකට සිල්ල සමත්ව ඇති බවයි.

“නවසීලන්ත කණ්ඩාය වශයෙන් අපි සියලුදෙනාටම එක්ම අකාරයෙන් සලකනවා. අපි එකම කණ්ඩායමක් ” යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

මේ අතර සේව් විමෙන්ස් ස්පොර්ට් ඕස්ටේ්‍රලියා නැමැති ක්‍රිඩිකාවන්ගේ සංවිධානයක් හබ්බර්ට් ඔලිම්පික් තරඟාවලියට එක්විම වීම විවේචනයට ලක්කර තිබේ.

“43 හැවරිදි කාන්තාවක් විදිහට හදුන්වාගන්නා ජීව විද්‍යාත්මක පිරිමි පුද්ගලයෙකු කාන්තා තරඟ ඉසව්වක් නියෝජනය කිරීම ඇත්තටම ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුවේ වැරදි ප්‍රතිපත්තිමය තීරණයක්.” යනුවෙන් එම සංවිධානය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

හබ්බර්ට හට පසුගිය කාලය පුරාම අභියෝග රැසකට මුහුණ දීමට සිදුවිය. ඇය 2018 වර්ෂයේදී පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරඟවලට එක්වීමේදී ඕස්ටේ්‍රලියානු බර ඉසිලීමේ සංවිධානය ඊට විරෝධය පළ කරනු ලැබීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් සංවිධායක මණඩලයට එම විරෝධතා ඉවත දමමින් හබ්බර්ට හට තරඟ කිරීමට අවස්ථාව සලසා දෙනු ලැබීය.

Exit mobile version