ඔය විදිහට ආවොත් කිසිම ආචාර්යවරයෙක් සේවය කරන්නෙ නෑ… විශ්වවිද්‍යාල ආචාර්යවරු ජනපතිට දන්වති!

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සේවය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කරමින් බලහත්කාරයෙන් සේවය ලබාගැනීමට උත්සාහ ගන්නේ නම්   කිසිදු ආචාර්යවරයෙකු සේවය කිරීමට සූදානම් නැති බව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක   පවසයි.

දරුවන් ගැන කල්පනා කරමින් තීරණ ගන්නවා විනා ජනාධිපතිවරයා ගේ තර්ජන  හමුවේ කිසිවිට විශ්වවිද්‍යාල ආචාර්යවරු  සැලෙන්නේ නැති බව ඔහුට සැල කර සිටින බවත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නතරකරනවානම්  නතරකරන්නේ විධායක සභාව රැස්වී ගන්නා තීරණයක් මත මිස ජනාධිපතිවරයාගේ බියවැද්දීම් නිසා නොවන බව ද හෙතෙම කියා සිටී.

ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය වේලාවක් ඉල්ලා සිටිය ද ඔහු ඒ පිළිබඳ කිසිඳු ප්‍රතිචාරයක් නොදැක්වූ බවත් එම ඉල්ලීම් පසෙක තබා ඔහු රට පුරා විවිධ සංදර්ශනවලට සහභාගි වෙමින් කාලය ගත කළ බව රටේ ජනතාව දන්නා බවත් මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.

පේරාදෙණිය විශ්ව විද්යාලයේ ශාස්ත්ර පීඨයේ ආචාර්ය සංගම් සභාපති මහාචාර්ය අර්ජුන පරාක්‍රම මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ පුළුවන් නම් විශ්ව විද්යාල ආචාර්ය වරුන්ගේ දේපොළ රජයට පවරා ගන්නා ලෙස ජනාධිපතිවරයාට අභියෝග කරන බවය.


තව දුරටත් අදහස් පල කළ මහාචාර්යවරයා මෙසේද කීය.

“අපි විශ්වවිද්යාල ආචාර්යවරුන් වශයෙන් ඉතාමත් සාධාරණ ඉල්ලීම් තමයි ඉල්ලලා තියෙන්නෙ. මේ කෙරේ කිසිදු හෝ අවධානයක් යොමු නොකොට අත්තනෝමතික ආකාරයෙන් අපිව මර්දනය කරන්න එනවා නම් අපි ඊට දැඩි විරෝධය පළ කරනවා. රජයේ යම්කිසි ආකාරයෙන් හෝ අපේ ඉල්ලීම් සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා නම් අපි ඉතාමත් නම්‍යශීලීව හෙට සිට උත්තර පත්ර ඇගයීම් කාර්ය සිදු කරන්න සූදානම්. අපි එක කරන්නේ ඉතාමත් සොච්චම් මුදලක් අරගෙන අපෙන් විය යුතු සත්කාරයක් හැටියටයි.

කුඹුරු හාන හරක්ට වගේ කෙවිටක් අරගෙන බය කරලා විශ්වවිද්යාල ආචාර්යවරුන්ගෙන් වැඩ ගන්න බෑ. අපේ සාධාරණ ඉල්ලීම් කෙරේ අවධානය යොමු කරන්න කියලා අපි රජයෙන් ඉල්ලනවා.

මේ වන විට රුපියල් 20.000 ක් හෝ වැටුප් නොලබන ආචාර්යවරුන් විශාල පිරිසක් ඉන්නවා. මම ගන්න වැටුප මගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහාවත් ප්‍රමානවත්  වෙන්නේ නෑ.

මෙහිදී අදහස් පළ කළ විශ්ව විද්යාල ආචාර්ය වරුන්ගේ සංගමයේ කාරක සභික ආචාර්ය අනුර කරුණාතිලක  කියා සිටියේ මෙම ගැටලුව අවසන් කිරීමට ජනාධිපතිවරයාට හැකියාව තිබියදී ත්තනෝමතික ආකාරයෙන් විශ්වවිද්යාල ආචාර්යවරුන්ට තර්ජනය කිරීම කිසිසේත්ම පිළිනොගන්නා බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දරුවන්ගෙ දෙමව්පියො වශයෙන් පෙනී සිටිමින් රජයේ හෙංචයියෝ මාධ්යයට විවිධ ප්රකාශ කළත් රටේ ජනතාව සත්‍ය තත්වය දන්නා බවද හෙතෙම වැඩිදුරටත් කීය.

Exit mobile version