ඔක්තොම්බරයේ  හාමත් නොවී ඉන්න කළ යුත්ත මහාචාර්ය බුද්ධි මාරඹේ සහසුද්දෙන් කියයි…

දැන්අ ප ඉදිරියේ ඇත්තේ හොරෙන් ගෙදර හාල් මුට්ට ගොඩගහල තනියම බේරෙන්න පුලුවන් ගැටලුවක් නොවෙයි.. මහාචාර්යවරයා කියයි....   

අප ඉදිරියේ ඇත්තේ විසඳාගත හැකි ප්‍රශ්නයක් බවත්,  එළඹීටම නියමිත අර්බුදය ඉදිරියේ බියෙන් දෑත් බැඳන්  නොසිට  තමන්ගේ ආහාරය තමන්ගේ ගෙවත්තෙන් පිළියෙළ කරගැනීමේ වගකීම සියල්ලන් සතුවම ඇති බවත්  පේරාදෙණිය කෘෂිවිද්‍යා පීඨයේ මාහාචාර්ය බුද්ධි මාරඹේ පවසයි.  ඒ වැඩපිළිවෙළ දියත් නොවුනහොත්  නම්    ඔක්තොම්බර් මාසය වනවිට කෑම ටික හිඟ වීම නිසැක බව මහාචාර්ය වරයා තහවුරු කර ප්‍රකාශ කරයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ අර්බුදය ගෙදර කාමරයක වී තොග රැස්කරගෙන සිට විසඳා ගත හැකි එකක් නොව, මිදුලට බැස මඤ්ඤොක්කා දන්ඩක්   බතල දණ්ඩක් හෝ  සිටුවා   ආහාරයෙන් කොටසක්වත්   තමන්ගේ ගෙවත්තේ සකස්කරගෙන ජාතියයක් ලෙස එක්ව මුහුණ දියයුතු ප්‍රශ්නයක්  බවය.

කවුරුන් මොන ආලවට්ටම් දමා කිව්වත් එළඹීටම නියමිත අර්බුදය තේරුම් ගෙන ඊට ප්‍රායෝගික පිළිතුරක් සොයන්නට එක් වන ලෙස මහාචාර්යවරයා ජාතියෙන් ඉල්ලා සිටියේය.

“දැන් අත් දෙක බැඳගෙන බය වෙලා බලාගෙන හිටියට බඩ පිරෙන්නෙ නෑ…  ඔක්තෝබර් මාසය වන විට යල කන්නයේ අස්වනු රටටම ලැබෙනවා . නමුත් මහ කන්නේ වෙනුවෙන් බිත්තර වී සඳහා අස්වැන්න අයින් කර තබා ගත යුතු නිසා පරිභෝජනය සඳහා ප්‍රමාණවත් වී අස්වැන්නක් රටට ලැබෙන්නේ නෑ. ඒ බව මේ වන විට සක්සුදක් සේ පැහැදිලියි.“


“කවුරු කෙසේ කුමන ආලවට්ටම් යොදා කීවත් ඔක්තෝබර් මාසේ වනවිට රටේ ජනතාවට කන කෑම ටික හිඟ වෙන බව සහතික ඇත්ත.“

“මේ වන විට රජය ඩොලර් වියදම් කරමින් සහල් මෙට්‍රික් ටොන්  ලක්ෂ තුනකට අධික ප්‍රමාණයක් ආනයනය කොට තිබෙනවා.  ඉදිරි ඔක්තෝබරයේ සිට මහ කන්නයේ අස්වනු නෙලන 2023 ප්‍රේල් මාසය දක්වා රටේ ජනතාවට හිඟයකින් තොරව සහල් අවශ්‍යතා සපුරාලීමට නම් තවත් සහල් මෙට්‍රික් මෙට්‍රික් ටොන් ලක්ෂ 4 කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කළ යුතුයි.“

“දැන් මේ රටේ ජනතාව බුද්ධිමත්ව සිහිනුවණින් කල්පනා කළ යුතු කාලයයි.  බලධාරීන් නිළධාරීන් කුමක් කීවත් කළත් තමන්ගේ බඩ පුරවා ගැනීමේ අභියෝගය තමන් ඉදිරියටම මේ මොහොතේ පැමිණ තිබෙන බව අවබෝධ කරගන්න.“

“සහල් ආනයනය සඳහා ඩොලර් වියදම් කරමින් ලෝකයට ණය වෙනවට වඩා කම්මැලි නැතුව මොනවා හෝ වවන්න අදම පටන් ගන්න.“

“වවන  දෙය අල බතල මඤ්ඤොක්කා වෙන්න පුළුවන් නිවිති තම්පලා සාරණ මුං කව්පි වෙන්න පුළුවන්. තමන්ගේ නිවසේ ආහාර වේල තමන්ගේ මහන්සියෙන් ම උපයා ගන්නට මේ රටේ ජනතාව වෙහෙසෙනවා නම් ඔක්තෝබරයේ සිට බඩගින්නෙ ඉන්න වෙන්නේ නෑ. “

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“කුමන තරාතිරමක කුමන මට්ටමක අප ජීවත් වුවත් අපගේ ආහාර වේල හැකි පමණ අප විසින්ම සොයා ගන්නා තැනට අද සිට පත් වන්න.  එවිට ඔබට කුසගින්නට බියවී සිටීමේ තත්ත්වය පහවී යාවී.  ඔබ නිකරුනේ ගෙවන කාලය ඵලදායි වගාවකට යොදවන්න මේ ඊට සුදුසුම කාලය යි.“

Exit mobile version