ඒ අගමැති මා ද කියා මා වත් තව දන්නෙ නෑ – කරූ ජයසූරිය

අන්තර්වාර රජයක අග්‍රාමාත්‍ය තනතුර සඳහා තමන් පත්වනවා ද නැද්ද යන්න ගැන තවම ප්‍රකාශ කිරීමට කල් වැඩි බව හිටපු කතානායක කරු ජයසූරිය ලංකාසරට පැවසුවේය.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ  තමන් කිසිම අවස්ථාවක ඒ සඳහා ඉල්ලීමක් කර  නැති බවය.

තමන්ගේ නම අගමැති ධුරය සඳහා යෝජනා වී ඇති බවත්, ජනාධිපතිවරයාත් තමන් සමග මේ සම්බන්ධව සාකච්ඡා කළ බවත් කරු ජයසූරිය හිටපු කතානායකවරයා කීවේය.

අගමැති තනතුර සඳහා තමන්ගේත්, සජිත් ප්‍රේමදාස ඇතුළු කීප දෙනෙකුගෙත් නම් යෝජනා වී ඇතත් අවසානයේ දී පොදු එකඟතාවය මත අදාල තීරණය ගනු ඇතැයි ඔහු පැවසුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම පාලනය තුළ විපක්ෂයක් තිබිය නොහැකි බවත් මුළු පාර්ලිමේන්තුවේම එකඟත්වය ලැබිය යුතු බවත් කී කරූ ජයසූරිය කිසිවක් පිළිබඳ මේ මොහොතේ නිශ්ඡිතව ප්‍රකාශ කළ නොහැකි බව කීවේය.


Exit mobile version