එස්.ටී.එෆ්. වෙඩි පහරින් කුඩු සළිඳුගේ ගෝලයෙක් මරුට!

shoot

විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් මොරටුව එගොඩ උයන පොලිස් වසමේ මෝදර ඉසුරු සිරි මාවත ප්‍රදේශයේදී ඊයේ රාත්‍රි සිදු කරන ලද සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමක් අතරතුර සැකකටයුතු පිරිසක් රැදී සිටි ස්ථානයක් පරීක්ෂා කිරීමට යාමේදී එහි සිටි එක් සැකකරුවෙකු විසින් පිස්තෝල අවියකින් විශේෂ කාර්ය බලකා නිලධාරියකුට වෙඩි තැබූ සැකකරුවකු වෙත එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එම සැකකරු මිය ගොස් ඇත.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ සැකකරු පානදුර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මෙසේ මිය ගොස් ඇත. සැකකරු විසින් තබන ලද වෙඩි 02ක් විශේෂ කාර්ය බලකායේ නිලධාරියකුගේ ශරීර ආරක්ෂක ආවරණයට වැදී ඇති අතර නිලධාරියාද මේ වන විට පානදුර රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.

මරණකරු වයස අවුරුදු 27ක් වන මෝදර, මොරටුව ප්‍රදේශයේ පදිංචි තෙල්ගේ දිලාන් සමීර පීරිස් නොහොත් අබ්බා ලෙස හඳුනාගෙන ඇති අතර පානදුර පුදේශයේ ප්‍රබල මත්දුව්‍ය ජාවාරම්කරුවකු වන කුඩු සළිඳුගේ සමීප සෙගයකු බව වාර්තා වේ. ඔහුගේ මෘත ශරීරය මේ වන විට පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. මිය යන ලද සැකකරුට එරෙහිව මිනී මැරුම් නඩුවක් මෙන්ම කාන්තාවක් තියුණු ආයුධ වලින් කපා බරපතල තුවාල සිදුකිරීමක් සම්බන්ධව නඩුවක් ගරු අධිකරණයේ විභාග වෙමින් පවතින බව පොලිසිය පවසයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අවස්ථාවේදී මියගිය සැකකරු සමඟ සිටි සැකකටයුතු පුද්ගලයන්ගේ නිවෙස් පරීක්ෂා කිරීමේදී එක් පුද්ගලයකුගේ නිවසේ තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අබෝම්බයක් සොයා ගෙන ඇති අතර, ඒ අනුව මොරටුව, මෝදර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 31ක් වූ එම සැකකරුද අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරු මීට පෙර මත්ද්‍රව්‍ය තොගයක් අධිවේගී මාර්ගය ඔස්සේ ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට පත්වී නඩු පවරා තිබූ පුද්ගලයකු බවට අනාවරණය වී ඇත. මෙම මෙහෙයුමේදී තවත් සැක කටයුතු පුද්ගලයන් 06 දෙනෙකු විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා එගොඩඋයන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත. එගොඩඋයන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

Exit mobile version