එවර් ග්‍රීන් මුදා ගනී… සුවස් ඇල යළි නිදහස්…

පුරා දින හයක් තිස්සේ සුවස් ඇල සිර කරගෙන සිටි දැවැන්ත එවර් ග්‍රීන් නෞකාව මීට පැය කිහිපයකට පෙර මුදා ගනු ලැබුවේය. මෙම මෙහෙයුම කර තිබුණේ Inchape Shipping නැමැති ජාත්‍යාන්තර නාවික මෙහෙයුම් සමාගම විසිනි. ඔවුන් පවසා තිබුණෙ  අද (29) පාන්ද ඊජිප්තු වෙලාවෙන් 4.30ට පමණ මෙම මුදාගැනීම සිදු කළ බවය.
ලෝක ආර්ථියයට මේ උවදුර සමයේ එල්ල වූ බරපතලම ප්‍රහාරයකින් මේ තරමින් හෝ ගැලවිය හැකි වීම ගැන ආර්ථික විශ්ලේෂකයෝ සැනසුම් සුසුම් හෙළති.
ඉකුත්  අඟහරුවාදා නෞකාව සුවස් ඇලේ සිරවීම නිසා  ලොව පුරා නැවු ගමනාගමනයෙන් සියයට 30ක් ඇණ හිටියේය. නැව් 300කට අධික ප්‍රමාණයක් බලාපොරොත්තු සහිතව ඇල දෙපස නැංගුරම් ලා සිටියේය.  සමහර යාත්‍රා බලා සිටීම පසෙක ලා අප්‍රිකාව වටා යාත්‍රා කිරීම ඇරඹීය.

නෞකාව නිදහස් කරගැනීමට දැරූ උත්සාහය දින පහක් පුරා අඛණ්ඩව දියත් විනි.    පෙරේදා පැවති අධික වඩදිය බාදිය හමුවේ එම උත්සාහය මුල දී අසාර්ථක විය.  පෙරේදා නෞකාව අඟල් 2ක් පමණ හැරවීමට හැකිවීමෙන් යම් ප්‍රගතියක් ලබා ඇති බැවින් ඉරිදා සවස වන විට නැව යළිත් පාවී යා හැකි බවත් ඔවුහු විශ්වාස කළහ.

බලාපරොත්තු සහගතව කළ මෙහෙයුමකින් අනතුරුව නැව අද පැය කීපයකට පෙර නිදහස් වුනේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 

Exit mobile version