“එවකට හිටපු ආරක්ෂක ඇමති හිටං අපිට වැඩක් නැති නිසා ඔය පැත්තට බාරදුන්නා”

පුළුවන් නම් පුනරුත්ථාපනය කර ගන්නැයි සරත් ෆොන්සේකා ආණ්ඩුවට කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ එවකට ආරත්ෂක ඇමතිව සිටි හිටපු ජනාධිපති ‍මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා බවත් ඔහුගෙන් අපට තවදුරටත් වැඩක් නැති නිසා ආණ්ඩුව පැත්තට ආපසු බාර දුන් බව අද පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළ පාර්ලිමේන්තු මන්ත්‍රි හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා පුළුවන් නම් එතුමා හදාගන්නා ලෙස ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලීමක් කළේය.

ඔහුගේ ප්‍රකාශය පිළිබඳව සභාවේ සිනා පහළ වූ අතර ඔහු තම කතාවේදී මෙසේ ද පැවසීය.

“ජනාධිපතිතුමාගේ රාජසාන කතාවේ ජාතික ආරක්ෂාව ගැන ඒතරම් දෙයක් කියවිලා තිබුණේ නැහැ. ඒ කතාවේ තිබුණේ පේලි හතයි වාක්‍ය තුනයි. ජනාධිපතිතුමාගේ කතාවේ අපි දැක්කා විශේෂ අවධානයක් පාස්කු ප්‍රහාරය ගැන.එම ප්‍රහාරය පිළිබඳව පැවැති පාර්ලිමේන්තු විවාදයේදී මමත් කතාවක් කරා. එදා ඩලස් අලහප්පෙරුම ඇමතිතුමා මට චිට් එකක ලියල එවල තිබුණා එක්සලන්ට් ස්පීච් කියල. මම යමක් කියන්න ඕන මෙම සිදුවීමේදී යම් කිසි ප්‍රමාද දෝෂයක් සිදුවුණා. ආණ්ඩුව එහි වගකීම ගන්න ඕන බව මම එදත් කිව්ව. ආණ්ඩුව වගකීම ගන්න ඕන කිව්වට ප්‍රධාන වගඋත්තරකරුවා ගැන මම පාර්ලිමේන්තු කාරක සභාවටත් පිටු 65ක වෙනම වාර්තාවක් දුන්නා. ලැබුණු තොරතුරු නොසලකා හැර අවශ්‍ය පියවර නොගැනීම වෙනුවෙන් මම චෝදනා එල්ල කළේ එවකට හිටපු ආරක්ෂක ඇමති හිටං මෙතන මේ වනවිට හිටං නැති නිසා


මම කියනවා අපේ හිටපු ගරු ජනාධිපතිතුමා එවකට ආරක්ෂක ඇමතිතුමා ට අපේ ඇඟිලි දිගු කළා. එතුමා රටේ ආරක්ෂක ඇමති හැටියට කිසිදු පියවරක් උනන්දුවෙන් අරගෙන තිබුණේ නෑ. ඒ හින්ද තමයි අපි එතුමා තමුන්නාසේලාට බාර දීල තියෙන්නේ අපිට වැඩක් නැති නිසා. පුළුවන් නම් හදා ගන්න අපි ඔය පැත්තට එතුමා බාර දුන්නේ පුනරුත්ථාපනය සඳහා. එතුමාට මේ ප්‍රහාරය ගැන රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියාගෙන් තොරතුරු ලැබිලා. එතුමා රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානිය සමඟ ඒ වනවිට දුරකථනයෙන් කතා කරමින් හොඳ සම්බන්ධතාවක් තිබුණු බව තහවුරු වී තිබෙනවා. අප්‍රියෙල් මාසේ 04 වැනිදා තොරතුරු ලැබිලා අප්‍රියෙල් 21 වෙනකල් කිසිදු පියවරක් අරගත්තේ නෑ. ඔහු දැනගෙන හිටියේ නැ කියන කතාව අපි පිළිගන්නේ නෑ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම හිටපු ජනාධිපතිවරයා ආරක්ෂක මණ්ඩලය නිසි පරිදි රැස් නොකළ බවත් අගමැතිවරයා ඊට සහභාගී කර නොගත් බවටත් චෝදනා කළ අතර අවසානයේ හිටපු ජනාධිපතිවරයා හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පති බිල්ලට දී ඇඟ බේරා ගත් බවද ප්‍රකාශ කළේය.

Exit mobile version