එරික් මාරු කර පැය කීපයකින් ඕළුමරා ඇප අරන් එළියට ඇවිත්…

 

වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා වහාම ක්‍රියාත්මකවන පරිදි මාරු කර යවා විශේෂ අපරාධ වැටලීම් ඒකකය විසුරුවා හැර පැය කීපයක් ඇතුළත බන්ධනාගාරගතව හිඳ ඇප ලබා ගැනීම මග හරිමින් සිටි පාතාල අපරාධකරුවෙක් වූ  වෙන්නප්පුවේ ඕළුමරා ඇප අයදුම්පතක්  ඉදිරිපත් කර ඇප ලබා එළියට පැමිණ ඇති පුවතක් පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි.

ඕළුමරා නැමැති මේ අපරාධකරු පුද්ගලික වදකාගාර නඩත්තු කරගෙන භීෂණය පැතිරවූ පුද්ගලයෙක්.  තමන්ගේ පාතාල කටයුතුවලට  බාධා කරන තරුණයන් ඇතුළු පුද්ගලයන් පැහැරගෙන ගොස් වදයට ලක් කිරීම,  මත්ද්‍රව්‍ය ජවාරම, කප්පම් ගැනීම සම්බන්ධව මේ අපරාධ කරුට චෝදනා එල්ල වූ අතර ඔහු අත් අඩංගුවට  ගනු ලැබුවේ  සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා විසින් හැදූ විශේෂ ඒකකය විසිනි.

මේ අපරාධකරු ප්‍රදේශයේ  ප්‍රභල දේශපාලකයෙකුගේ සමීපතමයෙක් ලෙස කටයුතු කර ඇත.


ඕළුමරා නැමති මේ අපරාධකරුට අධිකරණයෙන් ඇප ලැබී තිබුණත් විශේෂ ඒකකයේ කටයුතු නිසා ඔහු ඇප ලබා ගැනීම මගහරිමින් බන්ධනාගාරය තුළම රැඳී සිට ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහෙත් සහකාර පොලිස් අධිකාරීවරයා මාරු කර යවා විශේෂ ඒකකය විසුරුවා හැරිය බව දැනගත් වහාම මෙම අපරාධකරු  හලාවත අධිකරණයට ඇප අයදුම්පතක් ඉදිරපත් කර ඇපපිට නිදහස්ව පැමිණ ඇත.

Exit mobile version