එරික් පෙරේරා අන්ත දූෂිතයෙක්… මාරු කරන්න කියලා ඉල්ලුවෙ මම… රාජ්‍ය ඇමති අරුන්දික කියයි…

රාජ්‍ය ඇමති ඒ.එස්.පී එරික්ට එරෙහි චෝදනා එකතු කරලා පොතක් හදලා තියනවලු...

වෙන්නප්පුව හිටපු සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා නාවාස දෙකක් නඩත්තු කරන පොලිස් දෙපාර්තමේන්තුවේ සිටිනා දූෂිතයෙක්  බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු   සඳහන් කරයි.

ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ ටෘත් විත් චමුදිත අන්තර්ජාල නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

මෙහි දී තවදුරටත් අදහස් දක්වන රාජ්‍ය ඇමතිවරයා පවසන්නේ පසුගිය වසර තුළ මෙම සහකාර පොලිස් අධිකාරීවරයා තුන්වරක් විදේශගත වූ බවය.   ඔහුට එරෙහිව ඇති දූෂිත චෝදනා සම්බන්ධව පොතක් හදා ඇති බවත් අරුන්දික රාජ්‍ය ඇමතිවරයා පවසන්නේය.


මේ හේතුවෙන් ඒ.එස්.පී.එරික්   සම්බන්ධයෙන් විනය පරීක්ෂණ කරන්නැයි පොලිසියෙන් ඉල්ලා සිටි බවත් කියන ඇමතිවරයා ස්ථාන මාරුවක් සිදු කරන ලෙස සරත් වීරසේකර ඇමතිවරයාගෙන් තමන් ඉල්ලා සිටියේ ඒ නිසා බව කියන්නේය.

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ දී තමන් ඉල්ලා සිටියේ සුළු පරිමාණයෙන් කර කසිප්පු පෙරන අය සඳහා විකල්ප වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමට බවත් ඒ ඔවුන් ඉන් බේරාගැනීමට බවත්  ඇමතිවරයා පැවසීය.

එම සම්මුඛ සාකච්ඡාව පහත දැක්වේ…

මේ කතාවත් බලන්න…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එරික් පෙරේරාව වෙන්නප්පුවෙන් පැන්නීමට මුල් වුණු අරුන්දිකගේ කසිප්පු ඉල්ලීම

 

Exit mobile version