එය පුදුම සහගත ආදරණීය අදහසක්… කහ ඇඳන් එන බව ප්‍රේක්ෂකයන් කී බව ඇසූ ඔස්ට්‍රේලියානු නායක ෆින්ච් කියයි!

ලංකාවෙ කරන සෑම සංචාරයකදිම ඔවුන්ගෙ ආගන්තුක සත්කාරය අප මවිත කරනවනවා... ලංකාව සංචාරයට කදිම රටක් - ෆින්ච්

ශ්‍රී ලංකාව හා ඕස්ටේ්‍රලියාව අතර අද (24) පැවැත්වීමට නියමිත පස්වෙනි එක්දින තරඟයේදී ප්‍රේක්ෂකයින් කහ පැහැති ඇඳුමින් ගොස් ඕස්ටේ්‍රලියාවට සහය පළ කළ යුතු යැයි සමාජ මාධ්‍ය හරහා පැතිරෙන අදහස  පුදුමාකාර ආදරණීය හැඟීමක් ජනිත කරවන  ඉතා හොඳ අදහසක් යැයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක ආරෝන් ෆින්ච් පවසයි.

ආර්ථික අර්බුදයෙන් බැට කමින් පවතින මොහොතක ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවට ස්තුති කරමින් කහ පැහැති ඇඳුම් ඇඳගෙන යන්න යැයි සමාජ මාධ්‍ය ජාලාවල පැතිරුණු අතර පිරිසක් ඊට සහය දක්වමින් සේම තවත් පිරිසක් එම අදහසට විරෝධය පළ කරමින් අදහස් දක්වා තිබිණි.

“එය පුදුම සහගතයි.. අපි මෙහි සංචාරය කරන හැම වෙලාවෙම ප්‍රේක්ෂකයින් දක්වන ආගන්තුක සත්කාරය හා ආදරය ඇදහිය නොහැකි.. සියලු දෙනාම කහ පැහැය ඇඳගෙන පැමිණ සිටියොත් එම බොහොම අපූරු දෙයක් වේවි.. අපි මේ තරඟාවලියේදී හොඳින් ක්‍රීඩා කළා.. ඒත් ශ්‍රී ලංකාව කියන්නේ බොහොම අපූරු කණ්ඩායමක්.. අද දවසත් දුෂ්කර වේවි.. ලංකාව කියන්නේ සංචාරයට බොහොම හොඳ රටක්..”

ඔහු වීඩියෝ පටයක් හරහා අදහස් පළ කරමින් පවසා සිටියේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


21 වැනිදා පැවැත්වුණු හතරවෙනි එක්දින තරඟය ළකුණු පහකින් ශ්‍රී ලංකාව ජයගත් අතර තරඟාවලිය 3-1ක් වශයෙන් ජයගෙන ලංකාව ඉදිරියෙන් පසුවේ. ශ්‍රී ලංකාවේදී, ඕස්ටේ්‍රලියාව පරාජය කර තිබුණේ 1992 වසරේදීය. දසුන් ශානකගේ නායකත්වය හා නව ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් යටතේ, මෙය වසර 30කට පසු ඕස්ටේ්‍රලියාව එරෙහිව තරඟාවලියක් ජයගත් අවස්ථාවයි.

Exit mobile version