ශ්‍රියානි විජේසිංහ –
ඌව පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාල මගින් ලක්ෂ 69ක් වැයකරමින් මිලදී ගෙන වැල්ලවාය, බිබිල සහ සියඹලාණ්ඩුව මූලික රෝහල් වෙත බෙදා හැර ඇති ඩිජිටල් විකිරණ ඡායාරූප සැකසුම් යන්ත්‍ර 3 භාවිතයට ගැනීමට නොහැකි ඒවා බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණ නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එම යන්ත්‍ර භාවිත කිරීමේදී රෝගින්ගේ ආසාදන පාලනයට අපහසු මෙන්ම නඩත්තුව සඳහා විශාල මුදලක්ද වැය වන බව සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම අවධාරනය කරයි.
මෙම යන්ත්‍රය මගින් පරික්ෂණයක් සිදුකිරීමේදී රෝගියාට වැඩි අපහසුතාවන් ගෙන දෙන අතරම යන්ත්‍ර යේ කොටසකට හානියක් වුවහොත් මුලු යන්ත්රයම ඉවත් කිරිමට සිදුවන බව සභාපතිවරයා පෙන්වාදේ.
මෙම යන්ත්‍ර මිලදී ගැනිමට ටෙන්ඩර් කැඳවූ අවස්ථාවේදී විකිරණ තාක්ෂණ නිලධාරීන්ගේ සංගම ටෙන්ඩර් මණ්ඩල නිලධාරින්ව දැනුවත් කළ නමුත් එය නොසලකා හැර මෙම යන්ත්‍ර මිලදි ගැනීමට කටයුතු කර ඇති බවද සභාපතිවරයා පවසා සිටියි.
මෙහි විශේෂත්වය වන්නේ මෙම මිල දී ගැනීමේ තාක්ෂණික ඇගයීම් කමිටුව සඳහා විකිරණ තාක්ෂණවේදී නිලධාරීයෙක් සම්බන්ධ කරගෙන නොමැති බවද හෙතෙම හෙළි කරයි.
මෙවැනි මිලදී ගැනීම් මගින් පැහැදිලි වන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන්ගේ දූෂිත ගනුදෙනු තවමත් අවසන් වී නොමැති බවත් එම ගනුදෙනුවලට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත්යැයි සභාපති චානක ධර්මවික්‍රම කියයි.