එන්නත් විද්ද බවට කාර්ඩ් එකේ ලකුණු කර විද්දෙ නෑ… හික්කඩුව එන්නත් මධ්‍යස්ථානයක දී මිනිස්සු වියරු වැටෙති…

..
හික්කඩුව එන්නත් මධ්‍යස්ථානයක සිදුවූ අසංවිධානාත්මක තත්වයක් නිසා තමන්ට එන්නත් ලබා නොදී එන්නත් ලබා දුන් බවට එන්නත් කාර්ඩ් පත්වල සලකුණු කළ බවට පුද්ගලයින් පිරිසක් කරන චෝදනාවක් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කරන බව ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ එරන්ද හෙට්ටිආරච්චි පවසයි.

ඊයෙ හික්කඩුව එම්.ඕ.එච්. කාර්යාල බල ප්‍රදේශයට අයත් රෝහණ බාලිකා විද්‍යාලයේ පැවති එන්නත් මධ්‍යස්ථානයේ දී මේ තත්වය ඇති වූ බවට එම එන්නත් මධ්‍යස්ථානයට පැමිණි පිරිස් චෝදනා කළහ.
ඔවුන් චෝදනා කරනු ලැබුවේ තමන්ට එන්නත් ලබා දුන් බවට කාඩ් පත් ලකුණු කර, එන්නත් ලබා නොදී එම එන්නත් ප්‍රමාණය රැගෙන ගිය බවය. මේ නිසා නැවත එම එන්නත් මාත්‍රාව ලබා ගත නොහැකි ලෙස තමන් අසරණ කළ බව ද එම පිරිස් කීහ.

එහෙත් මේ පිළිබඳව සෞඛ්‍ය අංශ පවසන්නේ සමස්ථ එන්නත් මධ්‍යස්ථාන වෙතම ප්‍රමාණවත් එන්නත් ලබා දී නොතිබුණු බවය. එහෙත් එන්නත් ලබා ගැනීම සඳහා විශාල පිරිසක් එන්නත් මධ්‍යස්ථාන වෙත පැමිණ සිටීම හේතුවෙන් මේ ව්‍යාකූල තත්වය ඇති වී දැයි සොයා බලන බවද එම ආරංචි මාර්ග කීවේය.

ඔවුන් පවසන්නේ එන්නත් විද්ද බවට සලකුණු කර එම එන්නත් ඉතිරි කරගැනීමක් කිසිසේත්ම සිදුනොවුන බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධිය සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වූයේ මෙසේය.

Exit mobile version