එන්නත් මාත්‍රා දෙක එක දිනයක ලබාදීමේ සිද්ධියේ පරීක්ෂණ වාර්තාව බාරදෙයි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



මහනුවර පේරාදෙණිය ඔගස්ටාවත්තේ පදිංචි කාන්තාවකට එකම දින කොවිඩ් එන්නත් දෙකක් විදීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ වාර්තාව අද (26) මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෙත බාර දෙන බව මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සේනක තලගල පැවසීය.

මෙම සිදුවීමට අදාළව එම එන්නත්කරණ මධ්‍යස්ථානය භාරව සිටි වෛද්‍යවරයා ඇතුළු කාර්යමණ්ඩලයෙන්ද එන්නත් දෙක ලබාදුන් කාන්තාව ඇතුළු ඇගේ පවුලේ උදවියගෙන්ද පරීක්ෂණ කණ්ඩායම ප්‍රකාශ ලබාගෙන ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලීසියද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

අත්වැරදීමකින් සිදුවූවක් බවත් එමඟින් ඇගේ ශරීර සෞඛ්‍යයට කිසිදු අයහපත් බලපෑමක් සිදු නොවන බවත් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය පවසයි.

එන්නත්කරණ වැඩසටහන මේ වන විට මධ්‍යම පළාත තුළ ඉතා සාර්ථකව සිදුකරන බවත් එහි ඇති අඩුපාඩු මඟ හරවා ගැනීමට මම සිදුවීම පිටුබලයක් වනු ඇති බවත් ඔහු කියයි.

එන්නත ලබාදීමේදී සෞඛ්‍ය කාර්යමණ්ඩලයට අත්වැරදීමක් සිදුව තිබෙන නමුත් අදාළ කාන්තාවද වගකීමෙන් තොරව එම අවස්ථාවේ කටයුතු කර තිබෙන බව පෙනී ගොස් ඇතැයි අධ්‍යක්ෂවරයා පැවසුවේය.

තවත් පුද්ගලයෙකුට ලබාදීමට තිබූ එන්නතක් මේ නිසා අපතේ ගොස් තිබෙන බවද හෙතෙම අවධාරණය කළේය.

Exit mobile version