එන්නත් මාත්‍රා දෙකම ගත් ජයරුවන් බණ්ඩාරට කොවිඩ්… විමල්ගේ අමාත්‍යාංශයත් වසා දමයි….

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට කොවිඩ් ආසාදනය වී තිබේ.

රෝග ලක්ෂණ සහිතව කොවිඩ් ආසාදනය වී ඇති විශේෂඥ  වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ඇස්ට්‍රාසෙනිකා එන්නතේ මාතා දෙකම ලබාගෙන ඇත.

මේ වනවිට ඔහු ප්‍රතිකාර සඳහා යොමු කර ඇතැයි වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අතර කොවිඩ් ආසාදියින් විශාල පිරිසක් වාර්තා වීමත් සමග අමාත්‍ය විමල් වීරවංශගේ කර්මාන්ත අමාත්‍යාංශයේ ස්ථාපිත කර ඇති ගාලුපාරේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය අසල ගොඩනැගිල්ල වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමා තිබේ.

කර්මාන්ත ඇමැති විමල් වීරවංශ ගේ ආරක්ෂක නිලධාරීන්ට ද වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

Exit mobile version