එන්නත් නොකළ අය හොයන ජනාධිපති ලේකම්ගෙ චක්‍රලේඛ ප්‍රායෝගික නෑ… ග්‍රාම නිලධාරීහු කියති


ලලිත් චාමින්ද – කීර්ති ප්‍රනාන්දු –

කොවිඩ් එන්නත් කරණයේ ප්‍රගතිය ග්‍රාම නිලධාරින් මගින් ලබා ගන්නා ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛනයක් නිකුත්කොට ඇති අතර එය ප්‍රායෝගික නොවන චක්‍රලේඛණයක් බවත් සිදුවන්නේ ග්‍රාම නිලධාරින්ගේ ජිවිත අවදානමේ හෙලිමක් බැව් සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගාල්ල දක්ෂිණ ලංකා මධ්‍ය මධ්‍යස්ථානයේ දි පැවති මාධ්‍ය හමුවකදි හෙතෙම මේ බව සදහන් කළේය. ප්‍රධාන ලේකම්වරයා මෙසේද කිවේය.

කොවිඩ් එන්නත කරණය ප්‍රශස්ත මටිටමින් සිදුවෙනවා ඒ ගැන රජයට ප්‍රසාදය පලකරණවා. කොවිඩ් එන්නත්කරණයේ ප්‍රගතිය විමසන්න ජුලි 22 වැනිදින ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛනයක් නිකුත් කරලා තියෙනවා. එහි ග්‍රාමිය කමිටුව ගැන සඳහනක් නැහැ. ග්‍රාම නිලධාරිවරයාට තමයි මෙම තොරතුරු ලබා දෙන්න කියලා තියෙන්නේ. වයස් කාණ්ඩවලට අනුව එන්නත් කළ නොකළ පුද්ගලයින් කිදෙනෙක් ඉන්නවාද කියලා තොරතුරු ලබාදෙන්න කියලා තියෙනවා..

මෙක ප්‍රයෝගික නැහැ. තවමත් එන්නත් කරණය සිදුකරණවා. නිවෙස්වලට ගිහින් තමයි මෙම තොරතුරු ගන්න ඕන. ඩෙල්ටා අවදානම තිබියදි ග්‍රාම නිලධාරින් නිවෙස්වලට ගිහින් මෙම තොරතුරු ලබා ගන්නේ කොහොමද?. කොළඹ ගම්පහ කළුතර යන දිස්ත්‍රික්කවල සේවය කරණ ලෙස ග්‍රාම නිලධාරින්ට මෙම තොරතුරු ලබා ගැනිමේ දි දැඩි අවදානමක් තියෙනවා. 31 වැනි දින වනවිට තොරතුරු ලබා දිය යුතුයි. රජයෙන් ඉල්ලා සිටිනවා මේ චක්‍රලේඛණය පිළිබඳ නැවත සලකා බලන්න කියලා. මාධ්‍ය මගින් මේ පිළිබද පුළුල් ප්‍රචාරයක් දෙන්න කියනවා. ග්‍රාම නිලධාරින්ගේ ජිවිත අවාදනම හෙලන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා.

සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරින්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම් පි.එම් තික්ෂණ

නිවෙස්වලදි මිය යන පුද්ගලයින්ගේ මරණ පි.සි.ආර් පරික්ෂණයට යොමුකරනවා විනා ග්‍රාම නිලධාරින් ලවා මරණ සහතික ලබාදිම වහාම නතර කරණ ලෙස රජයෙන් හා සෞඛ්‍ය බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා. 2021.06.25 වැනිදින සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් විසින් චක්‍රලේඛනයක් නිකුත් කරලා තියෙනවා ගෘහස්තව සිදුවන මරණ ග්‍රාම නිලධාරින් හා හදිසි මරණ පරික්ෂකවරුන් විසින් නිදහස් කිරිමේ කටයුතු කරන්න කියලා.

නමුත් එය අතිභයානක තත්වයක්. ග්‍රාම නිලධාරින්ට මරණ නිදහස් කිරිම කරන්න බැහැ. ඒ පිළිබද අපිට විශේෂඥ දැනුමක් නැහැ. ගෘස්තව සිදුවන මරණ සියල්ල පි.සි.ආර් පරික්ෂණවලට ලක්කල යුතුයි. මෘත දේහයන් නිදහස් කිරිමේ දි අපෙන් අහනවා ඔහු රෝගියෙක් වෙලා හිටියද ආශ්‍රිතයෙක්ද කියලා. මේ ගැන අපිට තොරතුරු ලබා දෙන්න අපහසුයි.

ඒ විතරක් නෙවෙයි කොරෝනා අවදානම පවතින අවස්ථාවක ග්‍රාම නිලධාරිගේ කාර්යාල කළමණාකරණ තරග පවත්වන්න කියා අපේ අමාත්‍යංශයේ ලේකම්වරයා දැනුම් දි තියෙනවා. මෙවා විහිළු වැඩ යැයිද නියෝජ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේය.

Exit mobile version