එන්නත් කාඩ් ලකුණු කරගත් පසු එන්නත් ලබා නොගෙන පිටවීමට තැත් කළ පිරිසක් අත්අඩංගුවට…

දෙරණ –

ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ අද (09) සංවිධානය කර තිබූ කොවිඩ් එන්නත්කරණ මධ්‍යස්ථානයේ දී  එන්නත ලබා ගත් බවට   කාඩ්පත සටහන් කරගැනීමෙන් අනතුරුව එන්නත නොගෙන  පිටව යෑමට උත්සාහ  පුද්ගලයින්   පිරිසක් පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබේ.

සයිනොෆාම් පළමු එන්නත් මාත්‍රාව සහ දෙවන එන්නත් මාත්‍රාව අද එම මධ්‍යස්ථානයෙන් ලබාදීමට සූදානම් කර තිබුණි.

එහිදී පිරිසක් එන්නත් ලබාගත් බවට සිය කාඩ්පත් සටහන් කරගෙන එන්නත ලබානොගෙන ඉන් පිටව යන බවට ඒ අසල රැඳීසිටි ආරක්ෂක නිලධාරීන්ට දැකගැනීමට හැකිවී තිබේ.


ඒ අනුව ඔවුන් රඳවා ප්‍රශ්න කිරීමේදී එන්නත් ලබානොගෙන කාඩ්පත් පමණක් සටහන් කරගෙන යන බව අනාවරණය වී ඇත.

පළමු එන්නත් මාත්‍රාව සඳහා ද එම පිරිස මෙම ක්‍රියාව සිදුකර ඇත්තැයි සැක කෙරෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය විමර්ශන සිදුකරයි.

මේ අවස්ථාවේ දී මාධ්‍යයට අදහස් දැක්වූ ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහබන්දු  ප්‍රකාශ කළේ මේ පුද්ගලයන් සම්බන්ධව පොලිසියට දැනුම් දී ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට කටයුතු කළ බවය.

මෙවැනි පුද්ගලයින් නිසා සිදුවන්නේ එන්නත්කරණයේ සමස්ථ දත්ත පද්ධතියම හානි වීමක් බව නගරාධිපතිවරයා කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙසේ එන්නත් ලබා නොගෙන පිටවී යෑමට උත්සාහ කර තිබුනේ මුස්ලිම් ජාතිකයන් පිරිසකි.

Exit mobile version