එන්නත්වලට ඔරොත්තු නොදෙන ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය ඉන්දියාවෙන් හමුවීමත් සමග අපේ සැලසුම…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැනට ඉන්දියාවේ පැතිර යන ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙතෙක් ලංකාව තුළ වාර්තා වී නැති නමුත් එවැනි වයිරසයක් මෙරටට ඇතුළු වුවහොත් දැනට ලබා දෙන එන්නත්වල යම් වෙනසක් සිදුකරන්නේද යන්න පිලිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ එන්නත් පිලිබඳ විශේෂඥ කමිටුව සාකච්ඡා කරමින් සිටින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරයි.

දැනට කොවිඩ් 19 වසංගතය මර්දනය සඳහා ලොවපුරා භාවිත කරන කිසිදු එන්නතක් ඩෙල්ටා ප්ලස් වයිරසයට ඔරොත්තුනොදෙන බවට වාර්තා වීමත් සමග මෙම සාකච්ඡා ආරම්භ කළ බව විශේෂඥවරයා පැවසීය.

එන්නත් වලටද ඔරෝත්තු නොදෙන වයිරසයන් සදහා මුහුණ දීමට ඇති හොඳම හා එකම ක්‍රමවේදය වන්නේ සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශයන් අනුගමනය කිරීම පමණක් යැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සදහන් කරයි.

Exit mobile version