එන්නත්කරණයේ විධිමත් සැලැස්මක් නෑ…  ජී.එම්.ඕ ඒ

එහෙම කියන්නෙ වැඩපිළිවෙළේ සාර්ථකත්වය දරාගන් බැරි කාඩකප්පල් කාරයො…. වැ.බ. සෞඛ්‍ය ඇමති...

නතාෂා නෙත්මිණි  –                                         

ලෝකයේ රටවල් සියල්ලම පාහේ වයස්ගතවූවන්ට සහ රෝගාබාධවලින් පෙළෙන්නන්ට  එන්නත් ලබා දීමේදී ප්‍රමුඛතාවයක් ලබා දෙන නමුත් අප රට තුළ එවැනි විධිමත් සැලසුමක් ක්‍රියාත්මක නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරයි.

අපේ රට විධිමත් සැලැස්මක් සාදා ජනවාරි 15 දින ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කර ඇතත් එක් වර සැලසුම් සියල්ල වෙනස් ව ඇතැයි හෙතෙම චෝදනා  කරයි. 

එන්නත්කරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් මාර්ගෝපදේශයක් ඉදිරිපත් කිරීමට  වසංගත රෝග විද්‍යා අංශයට තවමක් නොහැකි වී ඇතැයිද ඔවුන්  ඡන්ද නාමලේඛණය හෝ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සතුව පවතින   සනීපාරක්ෂක ලේඛණ හෝ භාවිත කර ජනතාව අතරමං  නොකර මාර්ගෝපදේශයක් දැන්වත් සකස් කළ යුතුයැයි වෛද්‍ය අලුත්ගේ සඳහන් කරයි‍.


මේ අතර එන්නතකරණ වැඩ පිළිවෙළ සාර්ථකව ක්‍රියාවට නැංවෙන බව වැඩබලන සෞඛ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

සමස්ත එන්නත් තුන්ලක්ෂ  දෙදාහස් අටසියය ඉක්මවා ජනතාවට ලබා දී තිබෙන බැවින් එහි සාර්ථකත්ව දරා ගන්න නොහැකි  ඇතැම් කඩාකප්පල්කාරී කණ්ඩායම් වැරදි ප්‍රචාරයන් ගෙන යන බවත් ඇමතිවරයා සදහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට එන්නත් ලබා නොදෙන බවට කඩාකප්පල්කාරීන් කරන්නා චෝදනාවන බැහැර කරන බවත් මේ වන විට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල තෝරාගත් ප්‍රදේශයන් හී අවදානම වැඩි අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට එන්නත් ලබා දීම ආරම්බ කර ඇතැයිද පැවසීය.

Exit mobile version