එනවා කී පෙට්‍රල් නැව අද එන්නෙ නෑ… බලශක්ති ඇමති කියයි…

අද අලුයම දිවයිනට පැමිණීමට  නියමිතව තිබූ පෙට්‍රල්  නෞකාව අද දිවයිනට නොපැමිණෙන බව බලශක්ති ඇමති කාංචන විජේසේකර ට්විටර් පණිවඩයක් නිකුත් කර ප්‍රකාශ කරයි.

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40000ක් සහිතව හෙට එය දිවයිනට පැමිණෙනු ඇති බව ද අමත්‍යවරයාගේ ට්විටර් පණිවිඩයේ දැක්වේ.

අද සහ  හෙට සීමිත පෙට්‍රල් ප්‍රමාණයක් දිවයින පුරා බෙදා හැරීමට කටයුතු කරනු ඇති බවත් ඇමතිවරයා කියයි.

ඔටෝ ඩීසල් උපරිම ධාරිතාවෙන් බෙදා හරින නමුත් සුපර් ඩීසල් බෙදා හැරීම සීමා කරන්නට සිදුවී ඇති බවත් ඇමතිවරයා සිය ට්විටර් පණිවිඩයෙන් දන්වා සිටී.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version