එජාප සාමාජිකත්වය අහිමිවීම වළක්වාගන්න දාපු මද්දුමබණ්ඩාරගේ පැමිණිල්ල 15 වැනිදා විභාගයට

සමගි ජන බලවේගයට එක්එ වූ ක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 294 දෙනෙකු පක්ෂයෙන් නෙරපීමට  පක්ෂ කෘතා්‍යාධිකාරී මණ්ඩලය විසින් ගන්නා ලද  තීරණය ක්‍රියාත්මක වීම වළක්වලන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයේ මහ ලේකම් හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගොනු කළ පැමිණිල්ල ජූනි මස  15 වැනිදා සලකා බැලීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය අද (08) නියෝග කළාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සමගි ජන බලවේගයේ මහලේකම් හා එ.ජා.ප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් මෙම පැමිණිල්ල ගොනු කරන ලද අතර එහි වගඋත්තරකරුවන් ලෙස පක්ෂ  නායක රනිල් වික්‍රමසිංහ , මහලේකම් අකිල විරාජ් කාරියවසම් ,උපනායක රවී කරුණානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.තමන් ඇතුළු සාමාජිකයින් 294 දෙනෙකුගේ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම මද්දුම බණ්ඩාර මහතා මෙම පැමිණිල්ල ගොනු  කර තිබේ.

අද  (08) කොළඹ ප්‍රධාන දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය හමුවේමෙම පැමිණ්ල්ල  කැඳවූ අවස්ථාවේදී ඒක පාර්ශවීය ලෙස පැමිණිල්ල සලකා බැලීම විනිසුරුවරිය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පැමිණිල්ල සලකා බැලීම ලබන 15 වැනිදාට කල් තැබිණි.

පැමිණිලිකාර සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ ඉක්‍රාම් මොහොමඞ් මහතා පෙනී සිටියේය.


එක්සත් ජාතික පක්ෂ මහලේකම් වෙනුවෙන් නීතීඥ දිනේෂ් විදානපතිරණ මහතාගේ උපදෙස් මත නීතීඥ නියෝමාල් පැල්පිට මහතා පෙනී සිටියේය.

Exit mobile version