හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පත්කළ යුතු බවට යෝජනා වී තිබේ .
එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී අද (22) පැවැති රැස්වීමක දී එජාප හිටපු පළාත් සභා මන්ත්‍රී සේනාරත්න බණ්ඩාර විසින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ ගේ නම යෝජනා කර තිබේ. එය ස්ථිර කරනු ලැබූයේ එජාප මහනුවර දිස්ත්‍රික් නායිකා ශාන්තිනී කෝන්ගහගේ විසිනි.
මහනුවර එජාප පක්ෂ කාර්යාලයේදී ඊයේ (22) පැවැති පක්ෂ ක්‍රියාකාරී හමුවකදී ද එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට රනිල් වික්‍රමසිංහ ගේ නම යෝජානා කිරීම සිදුව ඇත.
මෙම රැස්වීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත රංගේ බණ්ඩාර ,පාලිත තෙවරප්පෙරුම, සමන් රත්නප්‍රිය, සංදීප් සමරසිංහ ඇතුළු පිරිසක් සහභාගිවී තිබේ. පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන කියන්නේ ඒ පිළිබඳ අවසන් තීරණය හෙට (23) දිනයේ දී ගන්නා බවය.