නැවෙන් ආපු ප්ලාස්ටීක් කැබලි වෙරළෙන් ඉවත් කරන්න සිංගප්පූරුවෙන් යන්ත්‍ර 08ක්

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වෙරළ පිරිසිදු කිරීම සඳහා ඇමරිකානු ඩොලර් 180,000 ක් වටිනා යන්ත්‍ර 08 ක් සිංගප්පූරුවෙන් ඊයේ (02) ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මීගමුව උස්වැටකෙයියාව සරක්කුව වෙරළ තීරයේ දී මෙම යන්ත්‍ර 08 විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, අද්මිරාල් ජයනාත් කොළඹගේ විසින් වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා වෙත බාර දෙනු ලැබීය.

සිංගප්පූරුවේ “The Alliance To End Plastic Waste” නමැති සංවිධානය මඟින් මෙම යන්ත්‍ර 08 මෙරටට පරිත්‍යාග කළ ඇත. X-press pearl නෞකාව හේතුවෙන් ලංකාවේ වෙරළ තීරයට ගොඩගැසුණු ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා මෙම යන්ත්‍ර භාවිතා කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කරයි.

පරිත්‍යාග කළ මෙම යන්ත්‍ර මඟින් වැලිවලට මිශ්‍ර වී පවතින ඉතා සියුම් ප්ලාස්ටික් කැබලි, වැලිවලින් වෙන් කර ගැනීම සිදු කෙරේ.

පරිත්‍යාගයක් වශයෙන් ලැබුණු යන්ත්‍ර 08 පළමුව මෙම උස්වැටකෙයියාව සරක්කුව වෙරළ තීරය පිරිසිදු කිරීම සඳහා යොදා ගැනේ.

ඉන් අනතුරුව X-press pearl නෞකාව හේතුවෙන් හානියට පත් ලංකාවේ උස්වැටකෙයියාව වෙරළ තීරයට අමතරව අනෙක් වෙරළ තීරයනුත් කඩිනමින් පිරිසිදු කර ගැනීම සඳහා මෙම යන්ත්‍ර 08 එම වෙරළතීරයන්ට ලබා දීම සිදු කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

Exit mobile version