එක්ස්ප්‍රස් පර්ල් නිසා සතුන් මැරුණු හැටි නීතිපති අධිකරණයට කියයි…

Green-sea-turtles

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න නිසා කැස්බෑවුන් 176 දෙනකු, තල්මසුන් 04 දෙනකු සහ ඩොල්ෆින් මාළුන් 20 දෙනකු මියගොස් ඇති බව නිතිපතිවරයා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම   ඉදිරියේ අද දැනුම් දුන්නේය.

මේ සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුව දිවයිනේ අධිකරණ 26කට කරුණු ඉදිරිපත් කරනු ලැබ ඇති බවත් විශ්ලේෂණ වාර්තා කැදවීම සදහා රස පරීක්ෂකවරයා වෙත අදාළ වාර්තා යොමු කර ඇති බවත් නිතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

එසේම අවශ්‍ය වුවහොත් ඒ සම්බන්ධයෙන් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ වුවද කරුණු වාර්තා කළ හැකි බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් දැනුම් දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


– ලංකාදීප –

Exit mobile version