එක්ස්ප්‍රස් පර්ල් ගින්න අඩුවේ…

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න පාලනය වෙමින් ඇති ආකාරය..

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න පාලනය වෙමින් තිබේ. ගුවන් හමුදාවේ බෙල් 212 වර්ගයේ හෙළිකොප්ටර් යානාවක් යොදවා ගුවන් හමුදාව විසින් අද පස්වරුවේ කළ නිරීක්ෂණයක දී ලබා ගත් වීඩියෝ දර්ශන මේ බව තහවුරු කළේය. 

ගින්න අද (27) උදෑසන වනවිට නෞකාව මතින් දැඩි දුමාරයක් සේ මතු වුණු අතර අඩු ගිනි දළු ප්‍රමාණයක් නිරීක්‍ෂණය වූ බව නාවික හමුදාව උදෑසන වාර්තා කලේය. 

එම නෞකාවෙන් මුහුදට වැටෙන බහාලුම් ඇතුළු විවිධ සුන්බුන් කොටස් වෙරළ තීරයට පාවි ඒම හේතුවෙන් වෙරළ තීරයට සිදුවන බලපෑම අවම කිරීම සහ එම ද්‍රව්‍යන්ගේ අඩංගුවිය හැකි විෂ රසායනික සංයෝග ස්පර්ෂ වීමෙන් ජනතාවට සිදුවිය හැකි අනතුරු වැළැක්වීම සඳහා නාවික හමුදාව සමුද්‍රිය පරිසර ආරක්‍ෂණ අධිකාරිය සමඟ එක්ව විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක් ක්‍රියාවට නන්වා තිබේ.

Navy
නාවික හමුදාව වෙරළ පිරිසිදු කිරීමේ නිරත වෙමින්…

මේ වන විට ශ්‍රිලංකා නාවික නෞකා ‘ගජබාහු’ නෞකාව හා ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් සාගර පරිසර හානි පාලනය කිරීමේ හැකියාවෙන් සමන්විත ‘වජ්රා’ (ICGS Vajra) සහ ‘වයිබාව්’ (ICGS Vaibhav) යන නෞකා ද්විත්වය ආපදාවට පත් MV X-PRESS PEARL නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව ආපදා වැළැක්වීමේ මෙහෙයුමට දායකත්වය ලබා දෙමින් ඇතැයි නාවික හමුදාව කියයි.

එමෙන්ම ඉන්දීය ‍වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ඩෝණිය (Dornier) වර්ගයේ ගුවන් යානාවක් පෙර දින සහ අද (27) ආපදාවට පත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශය ආවරණය වන පරිදි ගුවන් නිරික්‍ෂණ චාරිකාවාරයක් සිදු කර සාගරික දුෂණය පාලනය කිරීමේ මෙහෙයුම සඳහා අවශ්‍ය තොරතුරු ලබා දී ඇත.


ඉන්දීය යාත්‍රා හා එක්ව ගිනි නිවීමේ මෙහෙයුම..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තවද, ආපදාවට පත් නෞකාවෙන් වෙරළට පාවී එන බහාලුම් හා සුන්බුන් කොටස් වෙරළ තීරයෙන් ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සමුද්‍රිය පරිසර ආරක්‍ෂණ අධිකාරිය සමඟ එක්ව මෙහෙයුමක් අරඹා තිබේ.

Exit mobile version