එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවක් පැමිණිමේ අවදානමක් සුමන්තිරන් හෙළි කරයි…

දිනසේන රතුගමගේ –

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ යෝජනාවන් නිසි ලෙස ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකා රජය පියවර නොගතහොත් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවක් මේ රටට පැමිණීමේ අවදානමක් ඇති බව දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක එම්.ඒ.සුමන්තිරන් මන්ත්‍රීවරයා  ඊයේ (28)  පැවසීය.

මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටි මන්ත්‍රීවරයා සඳහන් කළේ ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ යෝජනාවන් ක්‍රියාවට නැංවීම සඳහා රජය බැඳී නොමැති බව ඇතැම් අමාත්‍යවරු ප්‍රකාශ කළත් සත්‍ය තත්ත්වය වන්නේ ඒම යෝජනා අනිවාර්යෙන්ම ක්‍රියාවට නැංවීමට සිදු වන බවයි.

වසර කීපයක්ම යෝජනා වූ ජිනීවා යෝජනාවන් ක්‍රියාවට නැංවීමට ඒ ඒ කාලවල රජයන් අපොහොසත් වී තිබීම නිසා ශ්‍රී ලංකාවේ තත්ත්වය නරක අතට හැරී ඇති බව කී මන්ත්‍රීවරයා එවැනි පසුබිමක අවාසනාවන්ත තත්ත්වය වන්නේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවක් මේ රටට පැමිණීම බවද පැවසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජිනීවා මානව හිමිකම් කමිටුවේ නිර්දේශ වලට අනුව ශ්‍රී ලංකා රජයට මානව හිමිකම් උල්ලංඝණය කිරීමේ සිද්ධීන් හා ජිනීවා යෝජනා වලට වගවීම් සම්බන්ධයෙන්  විශාල කාර්ය භාරයක් ඉටු කිරීමට ඇති බව අමාත්‍යවරුන් තේරුම් ගෙන ප්‍රකාශ නිකුත් කළ යුතුව ඇතැයිද මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවසීය.

Exit mobile version