එක්කෝටි විසිපන් ලක්ෂකයට අලෙවි කිරීමට ගෙනා ගජමුතු සමග පුද්ගලයෙක් අත්අඩංගුවට…

රුපියල් එක් කෝටි විසිපන් ලක්ෂයක් පමණ වටිනා ගජමුතු සමග ගාල්ල උනවටුන ප්‍රදේශයේ පුද්ගලයෙකු මාතර වෙරළ පාරෙදි තංගල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

රුපියල් එක් කෝටි විසිපන් ලක්ෂයකට අලෙවි කිරීමට ගජමුතු ප්‍රමාණයක්    ඊයේ ( 04) රාත්‍රි  කාලයේ මාතර ප්‍රදේශයට රැගෙන එන බවට ලැබුණු තොරතුරක් මත තංගල්ල පොලිස් විශේෂ කාර්ය බලකාය බලකායේ නිලධාරීන් විසින් මාතර නගරයේ සෝදිසියෙන් සිට ඇත.

එහිදී සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයෙකු පරික්ෂා කිරීමේදී විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සොයන පුද්ගලයා  මොහු බව හඳුනාගෙන ඇති අතර ඔහු සන්තකයේ ගජමුතු හයක් තිබී ඇත. අනතුරුව මෙම පුද්ගලයා  පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ  අත්අඩංගුවට පත්වී තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම පුද්ගලයා අද (04)  සවස තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.  මෙම ගජමුතු කිසියම් පුද්ගලයකුට විකිණීම සඳහා  මාතර වෙරළ පාර ප්‍රදේශයට රැගෙන විත් ඇති අතර එම ගැනුම්කරු නොපැමිණීම නිසා ඔහු තවදුරටත් එම ස්ථානයේ රැඳී සිට ඇති අවස්ථාවේ මෙලෙස අත්අඩංගුවට පත් විය .

Exit mobile version