එකක් පමණක් ඇති බව කී ස්පුට්නික් දෙවන මාත්‍රාව ලබා දීමට එන්නත් 15000ක් ලංකාවට…

කීර්ති ප්‍රනාන්දු –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාව රුසියාවෙන් ඇනවුම් කළ ස්පුට්නික් – V මාත්‍රා එක්ලක්ෂ පනස් දහසින් මත්‍රා 15,000 ක් අද අලුයම ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක කියයි.
මෙම එන්නත් තොගය ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව ලෙස භාවිතා කිරීම සඳහා යොදා ගැනේ.
මෙම එන්නතේ පළමු මාත්‍රාව ජනතාවට ලබා දුන්නේ ලෝකයේ කිසිම රටක සිදු නොවුණු ආකාරයට එක් මාත්‍රාවක් පමණක් වුවද ලබා ගැනීමට කැමති බවට සඳහන් පත්‍රිකාවකට අත්සන් ලබා ගැනීමෙනි.
ස්පුට්නික් දෙවන මාත්‍රාව ලෙස එන්නත් කිරීමට අවශ්‍ය ඉතිරි එන්නත් මාත්‍රා 135,000 ක ප්‍රමාණය ද , මෙම අගෝස්තු මස අවසන් වීමට පෙර ශ්‍රී ලංකාවට ලබා ගැනීමට නියමිතය.

Exit mobile version