සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එංගලන්තෙදි හොරකම් කරලා අපරාධයකට යොදාගෙන අතුරුදහන් කළ පසු ජොනියගේ නම ගෑවෙමින් ලංකාවෙන් මතුවුන BMW එකේ කතාව

by editor
ඔක්තෝබර් 24, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජොන්සටන් ප්‍රනාන්දු විසින් භාවිතා කළ ආන්දෝලනාත්මක බීඑම්ඩබ්ලියු රථයේ චැසි අංකය ලබා දී ජාත්‍යාන්තර පොලිසිය හරහා මෙතෙක් කළ විමර්ශනවලදී හෙළි වී ඇති පරිදි එම චැසි අංකය සහිත වාහනය එංගලන්තයේ දී සොරකම් කරනු ලැබ කිසියම් අපරාධමය වරදක් සදහා යොදා ගත් වාහනයක් බව අනාවරණය වී ඇතැයි මේ වනතෙක් සිදුකරන ලද විමර්ශන තොරතුරු සම්පින්ඩනය කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.

එවැනි චැසි අංක සහිත වාහනයක් ලංකාවට රැගෙන ආවේ කෙසේද යන්න පිළිබඳවත් එම වාහනය ගෙන්වා එකලස් කරනු ලැබුවේ කවුරුන්ද යන්න පිළිබඳවත් කරුණු අනාවරණය කරගැනීම සඳහා තවදුරටත් විමර්ශනසිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තව අධිකරණයට කරුණු දැක්වා ඇත.

ඊයේ මාධ්‍ය ඉදිරියේ මෙම වාහනය පිළිබඳව කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව ප්‍රකාශ කරනු ලැබුවේ මෙම වාහනය සම්බන්ධයෙන් ජාත්‍යාන්තර පොලිසියෙ විවෘතව ඇති වෙබ් අඩවියේ තොරතුරු ඇති බවය. සොරකම් කිරීම සහ අපරාධමය වරද සම්බන්ධව පැමිණිලි ඇති වාහනවල එන්ජින් අංක සහ චැසි අංක සහිතව මෙම වෙඩ් අඩවියේ පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැහැදිලි කළේය.

මෙම වෙබ් අඩවියට සැක කටයුතු වාහනයක එන්ජින් අංකයක් සහ චැසි අංකයක් ඇතුළත් කර එම වාහනය සොරකම් කරනු ලැබූවක් ද යම් අපරාධමය වරදකට සම්බන්ධ එකක්දැයි විමසා බැලිය හැකි බවත් ප්‍රස්තුත වාහනයේ චැසි අංකය සහ එන්ජින් අංකය වෙබ් අඩවියට ඇතුළත් කළ පසු එය ජර්මනියේ නිශ්පාදනයෙන් අනතුරුව එක්සත් රාජධානියට විකුණා තිබිය දී සොරකම් කරන ලද වාහනයක් බවත් අනාවරණය වූයේ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ඔහුට අනුව වාහනය ලියාපදිංචි කර ඇත්තේ වර්ෂ 2021 දී ය. මෙම චැසි අංකය සහ එන්ජින් අංකය ව්‍යාජ ලෙස කොටා නැති බවට රස පරීක්ෂක වාර්තාව තහවුරු කර ඇත. එනම් මේ වාහනය එංගලන්තයේ දි සොරකම් කරනු ලැබූ වාහනයමය.

මෙම වාහනය ලංකාවට පැමිණ ඇත්තේ එසේනම් 2021න් පසුය. එනම් වාහනය ආනයනය තහනම් කර ඇති වකවානුව තුළය. මෙම වාහනය රේගුවේ ලියාපදිංචි වී නැත. මෝටර් රථ වාහන දෙපාරත්මේන්තුවේ ලියාපදිංචි වි නැත. එසේ නම් කොටස් කර ලංකාවට ගෙන්වා ඇති වාහනයකි. රස පරීක්ෂකවරයා තහවුරු කර ඇත්තේ වාහනය එකලස් කරනු ලැබූ එකක් බවය.

වාහනයක් එකලස් කිරීමේ දි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නෛතික අනුමැතියක් ලබා ගත යුතුය. මෙම වාහනයට එවැනි නෛතික අනුමැතියක් නැත. වාහනය නීති විරෝධිව එකලස් කළ වාහනයකි.

එම වාහනය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් භාවිතා කළ බවට තොරතුරු ලැබී ඇති බවත් එම වාහනය ඔහුට අයත් වෙනත් බීඑම්ඩබ්ලියු රථයක අංක තහඩුවක් යොදාගෙන බොරලැස්ගමුව ප්‍රදේශයේ ස්ථානයක සේවා කටයුතු සිදුකර ඇති බවත් විමර්ශන අංශ හෙලි කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

එමෙන්ම වාහනය හිල්ටන් රථ ගාලේදි හමුවන විට එහි සවි කර තිබුනේ වෙනත් වාහනයකින් සොරකම් කරන ලද ගරාජ් අංක තහඩුවක් බව හෙළි වූයේය.

” ගරාජ් අංකය වෙනත් කොළඹ ආයතනයකට නිකුත් කරලා තිබුණා. ඒ ගරාජ් අංකය යම් කිසි අවස්ථාවක සොරකම් කරලා තියනවා කියලා. ඒ වගේම මේ කාර් රථය හිටපු අමාත්‍යවරයාට අයත්ව තිබූ තවත් බීඑම්ඩබ්ලියු රථයක අංක තහඩුවක් මේ රථයට සවි කරලා යම් යම් සේවා කටයුතු රථයකට අරන් ගිහින් තිබුණා.”

“මේ රථය නීත්‍යානුකූල ලියවිල්ලක් නෑ. මෝටර් රථවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නෑ.  රේගුවෙන් කරල ලද විමර්ශනයක දී රේගුව හරහා ආනයනය කළ වාහනයක් නොවන බවත් අනාවරණය
වුනා. රජයේ රස පරික්ෂකවරයාට වාහනය යොමු කළාට පස්සේ මේ වාහනය එකලස් කරන ලද වාහනයක් බව අනාවරණය වුනා. එකලස් කරන්න බෑ මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස්වරයාගේ නිසි අනුමැතිය නොමැතිව. නිසි අනුමැතිය නොමැතිව එකලස් කරන ලද වාහනයක් වුනාට පස්සේ එය නීති විරෝධීව එකලස් කරන ලද වාහනයක් බවට පත් වෙනවා. එය විශේෂයෙන්ම මෝටර් රථ වාහන පනත යටතේ වරදක්.

ඒ වගේම සොරකම් කරන ලද අංක තහඩුවක් වාහනයකට සවි කර භාවිතා කිරීමත් දන්ඩ නිති සංග්‍රහය යටතේ වරදක් වෙනවා. ”

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය. මේ වාහනය ලංකාවට පැමිණි ආකාරය ගැන තවමත් විමර්ශන කරන බව ඔහු ප්‍රකාශ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අරුගම්බේ අපරාධය කිරීමට සැලසුම් කළ දෙදෙනෙක් අත් අඩංගුවට… ඉන්දීය බුද්ධි තොරතුරු මහා ව්‍යසනයක් වළක්වයි…

Next Post

ලංකාවේ පැවැත්වීමට නියමිත පළමු T10 ලීගයේ හිමිකරු සිම්බාබ්වේ පැවැත්වූ T10 තරගාවලියේ තරග පාවා දීලා… ICC විමර්ශන අරඹයි!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.