ඌරන්ට ඇ⁣ටවූ විදුලි රැහැන්වල පටලැවී හිමිනමක් ජීවිතක්ෂයට

මාතර – සම්පත්

ඌරන් මැරීම සඳහා නීතිවිරෝධීව රාත්‍රී කාලයේ අටවා තිබූ විදුලි රැහැනක පටලැවී 16 හැවිරිදි භික්ෂූන් වහන්සේ නමක් ඊයේ( 22) රාත්‍රියේ අපවත් වී ඇත.

මෙසේ අපවත් වී ඇත්තේ කෝට්ටගොඩ බඹරැන්ද ගල්කන්ද පුරාණ විහාරස්ථ ශ්‍රී රතනසාර මූලික පිරිවෙනේ අධ්‍යාපනය ලැබූ 16 හැවිරිදි සාමණේර භික්ෂුන් භික්ෂුන් වහන්සේ නමකි.


උන්වහන්සේ පෙරේදා රාත්‍රී 10 ට පමණ විහාරස්ථානයේ සිට ප්‍රධාන මාර්ගයට යාමට මෙම වෙල් යායේ ඇති නියරක් දිගේ වැඩම කරමින් සිටින අවස්ථාවේ එකවරම නියරෙන් බිමට ඇද වැටී වෙව්ලන්නට පටන් ගෙන තිබේ.

උන්වහන්සේ සමඟ වැඩම කළ අනිත් සාමණේර භික්ෂූන් වහන්සේ වහා විහාරස්ථානයේ ලොකු හාමුදුරුවන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා කැඳවා කටර් අඩු වැනි උපකරණ භාවිතයෙන් විදුලි රැහැන් කපා ස්වාමීන් වහන්සේ ඉන් මුදවා ගෙන ඇත

එහෙත් එම අවස්ථාව වන විටත් උන්වහන්සේ අපවත් වී සිටි බව එම විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේලා පවසති. නමුත් භික්ෂූන් වහන්සේ දික්වැල්ල බතීගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මාතර මහරෝහලට රැගෙන ගොස් තිබේ.

මෙසේ අපවත් වී ඇත්තේ පූජ්‍ය කොටියාගල සමිත ස්වාමීන් වහන්සේ ය . උන්වහන්සේ 2016 වසරේ කෝට්ටගොඩ බඹරැන්ද ගල්කන්ද පුරාණ විහාරස්ථානයේ පැවදි වූ අතර එම පිරිවෙන් එම අධ්‍යාපනය ලබමින් සිටියහ.

උන්වහන්සේගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ දහවල් මාතර මහ රෝහලේ දී පැවැත්විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සාමණේර හිමියන්ගේ හදිසි මරණය පිළිබඳව මාතර පොලිසියේ ස්ථාන අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ විමර්ශන කටයුතු සිදු කළ අතර මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන ප්‍රියන්ත මහතාගේ උපදෙස් මත මරණය සම්බන්ධව පරීක්ෂණ සිදුකරයි.

Exit mobile version