ඌබර් පාකිස්ථානයෙන් යයි ?

UBER

ඌබර් සමාගම විසින් සිය මෙහෙයුම් කටයුතු පාකිස්ථානයේ ප්‍රධාන නගර කිහිපයක නවතා දැමීමට තීරණය කර ඇති බවට එම සමාගම සඳහන් කරනු ලබයි.

ඒ අනුව පාකිස්ථානයේ ප්‍රධාන නගර පහක් වන කරච්චි, මුල්ටාන්, ෆයිස්ලාබාද්, පේෂ්වර් සහ ඉස්ලාමාබාද් හී මෙලෙස සිය මෙහෙයුම් නවතා දමන ලෙස ඌබර් සමාගම අද දිනයේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් නිවේදනය කරනු ලැබ තිබිණි.

මෙම මෙහෙයුම් කටයුත නවතා දැමීම වහාම ක්‍රියත්මක වන පිරිදි සිදු කරන බවද එම සමාගම් අදාල නිවේදනයෙන් පෙන්වා දී ඇත. ඒ අනුව ඌබර් සමාගමේ මැදපෙරදික මෙහෙයුම් සිදුකරන අතරමැදි සමාගමක් වන කරීම් ඔස්සේ සිදුකරන බවද අදාල නිවේදනයේ සඳහන්ය.

ඌබර් සමාගම මෙම පිටවීම සිදුවන්නේ පසුගියදා බලපෑ දරුණු ගංවතුර තත්ත්වයෙන් පාකිස්ථානයෙන් පුද්ගලයින් 1,700 කට වැඩි පිරිසක් මිය ගිය සහ ඇස්තමේන්තුගත ඩොලර් බිලියන 30 ක හානියක් සිදුව පවතින අවස්ථාවකදීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට අමතරව පාකිස්ථානය දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති අතරම දේශපාලන අස්ථාවර භාවයකට ද  මුහුණ දී සිටියි.

Exit mobile version